කොටදෙණියාවේ දරු දෙන්නා පොලිසියට හෙළි කළ අබිරහස

කොටදෙණියාව, බාඳුරාගොඩ ප්‍රදේශයේ නිවෙසක සිට දින 45ක කාලයක් අතුරුදන්ව සිටි 10 හැවිරිදි සහ 12 හැවිරිදි ඥාති සොහොයුරන් දෙදෙනා ඔවුන්ගේ නිවෙස වෙත නැවත යෑමට අකැමැත්ත පළකිරීම මත එම දරුවන් දෙදෙනා පරිවාස භාරයට යොමු කිරීමට අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බව වාර්තා වනවා.

මෙම ඥාති සොහොයුරන් දෙදෙනා නැවත ඔවුන්ගේ නිවෙස වෙත යෑමට අකැමැති බවත් ගියහොත් මව විසින් තමන්ට නැවත පහර දෙන බව මෙම දරුවන් දෙදෙනා පොලිසිය හමුවේ පාපෝච්චාරණය කර ඇති බව සදහන්.

දරුවන් දෙදෙනා අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කොට අධිකරණ වෛද්‍ය වාර්තා ලබා ගැනීමට නියමිතව තිබෙනවා.

මෙම බාල වයස්කාර දරු දෙදෙනා මාසයකට වැඩි කාලයක්ම රඳවාගෙන සිට ඇත්තේ ඔවුන් පොලිසියට භාරදුන් කාන්තාවගේ නිවෙසේ බව කොටදෙණියාව පොලිසිය විසින් කරන ලද විමර්ශනයේදී අනාවරණය විය.

මෙම කාන්තාවට මීරිගම ප්‍රදේශයේ වෙළෙඳසලක් පවත්වාගෙන යන අතර කෑමට යමක් ඉල්ලමින් පැමිණි දරු දෙදෙනා ඇය විසින් ඇගේ නිවෙසට රැගෙන ගොස් මෙලෙස රඳවාගෙන සිට ඇති බව ප්‍රශ්න කිරීම්වලදී හෙළි විණි.

දරුවන් අතුරුදන් වීමේ පුවත මාධ්‍ය මඟින් ප්‍රචාරය වීමත් සමඟ බියට පත්වූ මෙම කාන්තාව මුදල් රුපියල් හත්සියයක් ඔවුනට දී නිවෙස් බලා යන ලෙස පවසා දරුවන් පිටත් කර යවා ඇතත් ඔවුන් නැවතත් ඇගේ නිවෙසට පැමිණ තිබේ.

පොලිසිය පවසන්නේ දරුවන් බාඳුරාගොඩ නිවෙසින් පිටව යෑමෙන් පසු මීගමුව බලා ගොස් පසුදින මීරිගම ප්‍රදේශයට පැමිණ මෙම කාන්තාවගේ වෙළෙඳසලට පැමිණීමෙන් පසු ඇය මෙම දරුවන් මෙලෙස සිය නිවෙසේ රඳවාගෙන සිට ඇති බව ප්‍රශ්න කිරීමේදී හෙළි වූ බවයි.

එහෙත් ඇය මුලින්ම මීරිගම පොලිසියට ප්‍රකාශ කර තිබුණේ දරුවන් පොලිසියට භාරදීමට කලින්දා ඔවුන් කෑමට යමක් ඉල්ලාගෙන පැමිණි නිසා ඔවුන් සිය නිවෙසට කැඳවාගෙන ගොස් ආහාරපාන ලබාදී පසුදිනම පොලිසියට රැගෙන පැමිණි බවය.

අදාළ කාන්තාව විසින් මෙවන් පරස්පර අදහස් ප්‍රකාශ කරන බැවින් කොටදෙණියාව පොලිසිය ඇගේ සැමියාද පොලිසියට ගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇත.

මාස එකහමාරක් තිස්සේ, අතුරුදන්ව සිට හමුවූ කොටදෙනියාව ප්‍රදේශයේ බාලවයස්කාර පිරිමි ළමයින් දෙදෙනා, මේ වනවිට මීගමුව දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඒ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා එම දරුවන් රැගෙන ගිය අවස්ථාවේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා එහි නොසිටීම හේතුවෙන්.

එහිදී සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි ලබාදුන් උපදෙස් මත එම ළමයින් රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

ඒ අනුව මේ වනවිට එම දරුවන් දෙදෙනා පොලිස් ආරක්ෂාව යටතේ මීගමුව දිස්ත්‍රික් මහරෝහලේ නේවාසිකව සිටින බව සඳහන්.

කොටදෙණියාවේ අතුරුදන් වූ දරුවන් දෙදෙනා හදිසියේම රෝහලට

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිසිවෙකුට අපිව පරාජය කරන්න බැහැ..පිටින් වගේම අභ්‍යන්තරයෙත් අපිට අභියෝග තියෙනවා
10:18
Video thumbnail
කළුතරදී යකා නටපු පුද්ගලයෙක්ට වැඩ වරදියි
00:58
Video thumbnail
ජාතික පරිසර පනත ගැන සජිත්ගෙන් ප්‍රබල ප්‍රකාශයක් - පාරිභෝගිකයට බෑනේ නිෂ්පාදනකරුවට බලපෑම් කරන්න
03:54
Video thumbnail
දොර කාගෙහරි වාහනයක වැදෙනකන් දන්නේ නෑනේ - රියදුරෙක් මීට වඩා අවධානයෙන් ඉන්න ඕනි
01:43
Video thumbnail
එදා බලයේ හිටපු අය යට ගැසූ බොහෝදේ දැන් එළිවෙමින් පවතිනවා - කදිනල් හිමි කළ හෙළිදරව්ව
08:09
Video thumbnail
හිටපු පාලකයන්ට කාදිනල් හිමිගෙන් සැර කතාවක් - පාස්කුවේ තිබුණ සාක්ෂිත් විකෘති කරපු එක කළේ
05:55
Video thumbnail
නිෂ්පාදනය රටේ Brand එකක් විදියට ඉස්සරහට යනකල් දියුණුවක් වෙන්නේ නෑ
03:11
Video thumbnail
වෙනස්වීම්වලට මුහුණ දෙන්න ක්‍රමයක් රටේ නෑ - අපේ ක්‍රමයන්වලින් ප්‍රශ්නවලට මුහුණ දෙන්න ඕනි
02:19
Video thumbnail
උහුලන්න බැරි තරමට රජයන් IMF සහයෝගයෙන් බදු අය කරනවා..ඇදගෙන යන්න තරම් සංකල්ප නෑ
04:32
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන මහජනතාව විශේෂ දැනුවත් කිරීමක් - ජලය කළමණාකරනය කළොත් මේකට මුහුණදෙන්න පුළුවන්
09:46