කොටදෙණියාවේ අතුරුදන් වූ දරුවන් දෙදෙනා හදිසියේම රෝහලට

මාස එකහමාරක් තිස්සේ, අතුරුදන්ව සිට හමුවූ කොටදෙනියාව ප්‍රදේශයේ බාලවයස්කාර පිරිමි ළමයින් දෙදෙනා, මේ වනවිට මීගමුව දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඒ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා එම දරුවන් රැගෙන ගිය අවස්ථාවේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා එහි නොසිටීම හේතුවෙන්.

එහිදී සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි ලබාදුන් උපදෙස් මත එම ළමයින් රෝහලට ඇතුළත් කරනු ලැබුවා. ඒ අනුව මේ වනවිට එම දරුවන් දෙදෙනා පොලිස් ආරක්ෂාව යටතේ මීගමුව දිස්ත්‍රික් මහරෝහලේ නේවාසිකව සිටින බව සඳහන්.

වෛද්‍ය වාර්තාව ලබා ගැනීමෙන් අනතුරුව ඔවුන් ලබන සඳුදා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බවයි පරීක්ෂණ සිදු කරන පොලිස් නිලධාරිනියක් සඳහන් කළේ.

පසුගිය වසරේ නොවැම්බර් 23 වන දා අතුරුදන් වූ මෙම දරුවන් දෙදෙනා මීරිගම නගරයේ වෙළඳසැළක සිටියදී එහි හිමිකාරිනිය විසින් හඳුනාගෙන පෙරේ දා පෙරවරුවේ මීරිගම පොලිසිය වෙත භාර කෙරුණා.

එහිදී අදාළ දරුවන් පොලිසියට ප්‍රකාශ කර තිබුණේ, මව ඇතුළු නිවැසියන් පහර දීම නිසා තමන් නිවසින් පලා ආ බවයි.

කෙසේ වෙතත් අදාළ ළමයින් දෙදෙනා පොලිසිය වෙත භාර කළ කාන්තාව මෙන්ම ඇගේ සැමියාගෙන් ද ප්‍රකාශ ලබා ගැනීමට ඔවුන් පෙරේ දා කොටදෙණියාව පොලිසියට ද කැඳවා තිබූ අතර තවදුරටත් ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23