spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කෙහෙළියගේ ඇප ඉල්ලීම නැවතත් ප්‍රතික්ෂේප වෙයි

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඇප ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම නිෂ්ප්‍රභා කිරීමට කොළඹ මහාධිකරණය අද (03) දින නියම කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක විසිනුයි අදාළ තීන්දුව ලබා දෙනු ලැබුවේ.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට පොදු දේපළ පනත යටතේ නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ලබා දී ඇති නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමිනුයි එම පෙත්සම ගොනු කර තිබුණේ.

ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන 09 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා.

මෙම පෙත්සම අද (03) දින අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී ප්‍රමාණවත් කාල වේලාවක් නොමැති වීම හේතුවෙන් අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 09 වනදා කැඳවන ලෙස නියම කළා.

පෙත්සම්කාර හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටින්නේ පොදු දේපළ පනත යටතේ තමන්ව නඩු විභාගයේ අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ගත් තීරණය නීතියට පටහැනි බවයි.

එබැවින් එම නියෝගය සහ සහකාර පොලිස් අධිකාරිවරයෙකු විසින් තමන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පොදු දේපළ පනත යටතේ වූ සහතිකය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඔහු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?