Fly high Get bonus Aviator Phone

කෙසෙල් ගසක් මුල ලේ බිඳු

ට්‍රැවලින් බෑගයක හිස නොමැති කතගේ ඝාතකයා සහ මුලික කරුණු සියල්ල හෙලිවි අවසන් නමුත් මේ වන තෙක් ඇගේ හිස සොයා තවමත් පරික්ෂණ පැවැත්වෙන අතර තරුණිය ඝාතනය කරනු ලැබූ වේලාව අනාවරණය කර ගැනීමට අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විශේෂඥ කණ්ඩායම් සමත්ව තිබේ. ඇයව 28 වන දා රාත්‍රි කාලයත් පළමුවැනිදා අලුයම් කාලයත් අතර ඝාතනය කර ඇති බව තහවුරු කරගෙන තිබේ.

මේ වනවිට තරුණිය‌ගේ හිස සම්බන්ධයෙන් වැදගත් තොරතුරක්ද අනාවරණය කර ගැනීමට පරීක්ෂණ කණ්ඩායම් සමත්ව තිබේ. පොලිස් උපපරීක්ෂකවරයා සිය කරේ දමාගෙන යන සුපුරුදු ගමන් මල්ලට අමතරව එළියට පැමිණි අවස්ථාවේ ඒ ආකාරයේම තවත් ගමන් මල්ලක් මිලට ගෙන ඇති බව තහවුරු වී තිබේ. තමන්ගේ සුපුරුදු ගමන් මල්ලේ තරුණිය රැගෙන ආ ඇදුම් පැලදුම් බහා ගෙන ගොස් විසිකොට ඇති උපපොලිස් පරීක්ෂකවරයා අලුතින් මිලදී ගත් ගමන් මල්ලේ තරුණියගේ හිස කොටස දමාගෙන ගොස් ඇති බව වාර්තා වනවා. පරීක්ෂණ පවත්වන කණ්ඩායම් හට තවමත් මෙතෙක් එම ගමන් මල්ල සම්බන්ධයෙන් කිසිදු හෝඩුවාවක් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇත.

ඔහු පදිංචි නිවෙසට යාබද වත්ත සෝදිසි කිරීමේදී හමුවූ “ලේ බිඳු” මරා දැමුණු තරුණියගේ දැයි සැකකරන පොලිසිය එය තහවුරු කර ගැනීම සඳහා ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදුකිරීමට පියවර ගෙන තිබෙනවා.එම ලේ බිඳු මියගිය තරුණියගේ සිරුරෙන් ලබාගෙන ඇති ලේ බිඳු සමඟ සැසඳුණොත් මියගිය පොලිස් පෙම්වතා ඇගේ හිස කොටස සිය නිවෙසට ගෙනැවිත් ඇති බවට තහවුරු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?