කෙසෙල් ගසක් මුල ලේ බිඳු

ට්‍රැවලින් බෑගයක හිස නොමැති කතගේ ඝාතකයා සහ මුලික කරුණු සියල්ල හෙලිවි අවසන් නමුත් මේ වන තෙක් ඇගේ හිස සොයා තවමත් පරික්ෂණ පැවැත්වෙන අතර තරුණිය ඝාතනය කරනු ලැබූ වේලාව අනාවරණය කර ගැනීමට අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විශේෂඥ කණ්ඩායම් සමත්ව තිබේ. ඇයව 28 වන දා රාත්‍රි කාලයත් පළමුවැනිදා අලුයම් කාලයත් අතර ඝාතනය කර ඇති බව තහවුරු කරගෙන තිබේ.

මේ වනවිට තරුණිය‌ගේ හිස සම්බන්ධයෙන් වැදගත් තොරතුරක්ද අනාවරණය කර ගැනීමට පරීක්ෂණ කණ්ඩායම් සමත්ව තිබේ. පොලිස් උපපරීක්ෂකවරයා සිය කරේ දමාගෙන යන සුපුරුදු ගමන් මල්ලට අමතරව එළියට පැමිණි අවස්ථාවේ ඒ ආකාරයේම තවත් ගමන් මල්ලක් මිලට ගෙන ඇති බව තහවුරු වී තිබේ. තමන්ගේ සුපුරුදු ගමන් මල්ලේ තරුණිය රැගෙන ආ ඇදුම් පැලදුම් බහා ගෙන ගොස් විසිකොට ඇති උපපොලිස් පරීක්ෂකවරයා අලුතින් මිලදී ගත් ගමන් මල්ලේ තරුණියගේ හිස කොටස දමාගෙන ගොස් ඇති බව වාර්තා වනවා. පරීක්ෂණ පවත්වන කණ්ඩායම් හට තවමත් මෙතෙක් එම ගමන් මල්ල සම්බන්ධයෙන් කිසිදු හෝඩුවාවක් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇත.

ඔහු පදිංචි නිවෙසට යාබද වත්ත සෝදිසි කිරීමේදී හමුවූ “ලේ බිඳු” මරා දැමුණු තරුණියගේ දැයි සැකකරන පොලිසිය එය තහවුරු කර ගැනීම සඳහා ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදුකිරීමට පියවර ගෙන තිබෙනවා.එම ලේ බිඳු මියගිය තරුණියගේ සිරුරෙන් ලබාගෙන ඇති ලේ බිඳු සමඟ සැසඳුණොත් මියගිය පොලිස් පෙම්වතා ඇගේ හිස කොටස සිය නිවෙසට ගෙනැවිත් ඇති බවට තහවුරු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09