කුෂ් කිලෝ 46කට අධික තොගයක් මෙරටට ගෙනා චාලට් ආයෙත් රිමාන්ඩ්

ශ්‍රී ලංකා ගුවන් තොටුපොළේදී කුෂ් කිලෝ 46යි ග්‍රැම් 60ක් අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය ජාතික 21 හැවිරිදි කාන්තාව තවදුරටත් ලබන ජුනි 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය නියෝග කළා.

දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ, මීගමුව බන්ධනාගාරය මගින් මීගමුව මහෙස්ත්‍රාත් අංක 02 අධිකරණයට ඉදිරිපත් කිරීමේ දී අතිරේක මහේස්ත්‍රාත්වරිය එම නියෝගය අද (13) නිකුත් කළ බවයි.

විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ පනතේ අංක 54 (A) යටතේ ආනයනය කිරිම, ජාවරාම් කිරිම, සන්තක තබා ගැනීම යන චෝදනා යටතේ වැඩිදුර වාර්තාවක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශයේ පොලිස් කොස්තාපල් ඩි.එම්.එස් කුමාර මහතා විසින් ඉදිරිපත් කෙරුණා.

නඩුව කැඳවු අවස්ථාවේ දී මත්ද්‍රව්‍ය නාශක දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ අත්අඩංගුවට ගත් කුෂ් මත්ද්‍රව්‍ය තොගය ජුනි 11 වැනිදා රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවට යොමු කළ බවත් එම වාර්තා ඉදිරියේ දී අධිකරණයට ඉදිරිපත් කරන බවත් ය.

එමෙන්ම සැකකාර බ්‍රිතාන්‍යය ජාතික කාන්තාවගේ ජංගම දුරකථනය වැඩිදුරටත් විමර්ශනය කිරිම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන බව ද සඳහන් කළා.

එහිදී එය නඩු භාණ්ඩ කාමරයේ තැන්පත් කිරීමට අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

එමෙන්ම ඉදිරි විමර්ශන ප්‍රගතිය අධිකරණට ඉදිරිපත් කරන ලෙස එම නිලධාරීන්ට නියෝග කිරීමක් ද සිදු කළා.

එහිදි චාලට් මේලී නම් වු එම විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සම්පත් පෙරේරා මහතා සඳහන් කළේ එකී ජංගම දුරකථනයේ කවරයේ ඇති ඡායාරූපය ඇය ඉතා වටිනා මතකයක් බැවින් එය ලබා දීමට කටයුතු සලසා දෙන ලෙසයි.

එහිදී අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාශයට කළේ ඒ පිළිබඳව සොයා බලා අධිකරණයට වාර්තා කරන ලෙසයි.

එමෙන්ම නීතිඥ සම්පත් පෙරේරා මහතා කරුණු දක්වමින් සඳහන් කළේ සැකකාරියගේ පෙර වැරදි සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කිරිමටත් ඇය මීට පෙර ශ්‍රී ලංකාවට පැමිණ ඇති ද යන්න පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශයට නියෝගයක් කරන ලෙසයි.

ඒ අනුව අතිරේක මහේස්ත්‍රාත්වරිය පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශයට නියෝග කළේ එකී වාර්තා සොයා බලා ඉදිරිපත් කරන ලෙසයි.

දම් පැහැති ගවුමකින් සැරසි සිටි ඇයව මීගමුව බන්ධනාගාරය මගින් අධිකරණයට ඉදිරිපත් තිබුණා.

සැකකාරිය වෙනුවෙන් නීතිඥ සම්පත් පෙරේරා, නීතිඥ ගයාන් කලටුවාව, නීතිඥ ඒෂාන් සඳුන්ගහවත්ත, නීතිඥ මහිෂා මුදුගමුව යන නීතිඥවරු පෙනී සිටියා.

දකුණු ලන්ඩනයේ සිට පැමිණි 21 හැවිරිදි චාලට් මේලී මේ මස මුල දී රට තුළට නීති විරෝධී ලෙස ගෙන ඒමට උත්සාහ කළ බවට රේගු නිලධාරීන් චෝදනා කරමින් මත්ද්‍රව්‍ය මළු සමඟ ඉකුත් මැයි 13 වැනිදා ශ්‍රී ලංකා රේගුව මගින් අත්අඩංගුවට ගත්තා.

හිටපු ගුවන් සේවිකාවක වන ඇය සඳහන් කළේ ඇගේ ගමන් මළුවල මත්ද්‍රව්‍ය ඇති බව දැන සිටීම ප්‍රතික්ෂේප කරන බවත් ඒවා කිසිවකු ඒ එහි තැන්පත් කර ඇති බවත්ය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32