කුවේට් රාජ්‍යයේ දී මිය ගිය ශ්‍රී ලංකික කාන්තාවකගේ ඥාතීන් සොයා ගැනීමට විදේශ කටයුතු අමාත්‍යංශය ජනතාවගේ සහාය ඉල්ලා තිබෙනවා.
66 හැවිරිදි මෙම කාන්තාව කුලසිංහ ආරච්චිගේ අනුලා ප්‍රීතිමාලි පෙරේරා බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
නො 438/1, නුගවත්ත පාර, කිරිවත්තුඩුව. ඇයගේ ලිපිනය ලෙස දක්වා තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ ඇයගේ අවසන් කටයුතු සිදුකිරීම සඳහා ළඟම ඥාතියෙකු හෝ ඇයව දන්නා අයෙකු සිටී නම් හැකි ඉක්මනින් දැනුම්දෙන ලෙසයි.
ඒ අනුව මෙම ඡායාරූපයේ සිටින කාන්තාව හඳුනන අයෙක් සිටී නම්, දුරකථන අංක: 011238836/ 0117711163/ 0112323015, විද්‍යුත් තැපෑල : [email protected] හෝ කොන්සියුලර් අංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, 2 වැනි මහල සෙලින්කෝ මන්දිරය, කොළඹ 01. යන ලිපිනය ඔස්සේ අමාත්‍යාංශයට දැනුම්දෙන ලෙසයි විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කර ඇත්තේ.