කුවින්ටන් ඩී කොක් ජාත්‍යන්තර ටෙස්ට් පිටියට ආයුබෝවන් කියයි

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු මෙන්ම කඩුලු රකින ක්‍රීඩක කුවින්ටන් ඩී කොක් ජාත්‍යන්තර ටෙස්ට් පිටියට සමුදීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඔහුගේ මෙම තීරණය දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය ද තහවුරු කර ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තාකර තිබුණේ.

ඉන්දියාව සමඟ පැවැත්වෙන තරග 03කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගයෙන් පසු කුවින්ටන් මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව ඉන්දියාව සමඟ පැවැත්වෙන මීළඟ ටෙස්ට් තරග දෙකට කුවින්ටන් ඩී කොක් සහභාගී වන්නේ නැහැ.

කුවින්ටන්ගේ බිරිඳ සාෂා ලබන සතියේ ඔවුන්ගේ පළමු දරුවා ප්‍රසූත කිරීමට සුදානමින් සිටින අතර සිය පවුලට ප්‍රමුඛස්ථානය ලබාදීමේ අරමුණින් ඔහු මෙම තීරණයට එළඹ ඇති බවයි වාර්තා වුණේ.

ඕස්ට්‍ර්ලියාවට එරෙහිව 2014 වසැරේ දී ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකර ගන්නා කුවින්ටන් ඩී කොක් ටෙස්ට් තරග 54 කදී රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 3300ක්.

වර්ණභේද වාදයට එරෙහිව දණ නැමීමට අකමැති වීම හේතුවෙන් කුවින්ටන් ඩී කොක් පිළිබඳව නිමා වූ 20-20 ලෝක කුසලාන තරගාවලියේ දී වැඩි වශයෙන් කතාබහට ලක්වුණා.

කෙසේ වෙතත් අවසානයේ දී වර්ණභේද වාදයට එරෙහිව දණ නැමීමට විස්සයි විස්ස ලෝක කුසලාන පිටියේ දී ඔහුට සිදුවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?