කුරුණෑගල පාසලක සිදු වූ ආන්දෝලනාත්මක සිද්ධිය ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක් (වීඩියෝ)

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාර් රථයක් ගිනි ගන්නා දර්ශණයක් සහ ඒ අසලින් කුඩා ළමයෙක් ගමන් කරන ආකාරය දැක්වෙන වීඩියෝව සම්බන්ධයෙන් පොලිසිය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම වීඩියෝව තුලින් දරුවා විසින් කාර් රථයට ගිනි තැබීමක් සිදු කර ඇති බවට ගම්‍ය වන ආකාරයේ හඬ පටයක් ද ඇතුලත්ව ඇති බවයි පොලිසිය පෙන්වා දෙන්නේ.

මෙම කාර්‌ රථය ගිනි ගැනීමේ සිදුවීම කුරුණෑගල පොලිස් වසමේ පිහිටි විදුහල් භූමියක සිදුවීමක් බවට අනාවරණය වී ඇති බවත්, කුරුණෑගල පොලිස් ස්ථානය මඟින් මෙම සිදුවීම සම්බන්ධයෙන් ලබා දී ඇති වාර්තාව අනුව, පසුගිය 03 දින කුරුණෑගල නගරයේ විදුහල් භූමියක ලක්ෂ 140ක් පමණ වටිනා කාර් රථයක් ගිනිගෙන ඇති බවත් මේ සම්බන්ධයෙන් වයස අවුරුදු 08 ක පමණ කුඩා දරුවෙක් වගකිව යුතු බවට සදහන් කරමින් පැමිණිල්ලක් කුරුණෑගල පොලිස් ස්ථානයට ලැබී ඇති බවත් පොලිසිය පවසනවා.

කුරුණෑගල පොලිසිය විසින් මේ සම්බන්ධ විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර සිදු කරන ලද විමර්ශනයේදී මෙම කාර් රථය අසලින් එම අවස්ථාවේ ගමන් ගන්නා දරුවා වයස අවුරුදු 08 ක් පමණ වන එම විදුහලේම අධ්‍යාපනය ලබන සිසුවෙක් බවට පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

එසේ වුවද මෙම වීඩියෝවේ දර්ශණය වන දරුවා කාර් රථයට ගිනි තැබූ බවට ඇසින් දුටු සාක්ෂි කිසිවක් හෝ පර්යේෂණ සාක්ෂියක් හෝ මෙතෙක් අනාවරණය වී නොමැති බවට ද පොලිසිය පවසනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරගෙන යනු ලබන අතර රජයේ රස පරීක්ෂක කාර්යාලය මඟින් ද ගිනි ගැනීමට හේතුව සම්බන්ධයෙන් විශේෂඥ සාක්ෂි ලබා ගැනීමට කටයුතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44