spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කුඹුරු ඉඩම් ආරවුලක් දුරදිග යයි

ගල්නෑව හෙලබදුගම ප්‍රදේශයේ කුඹුරු යායකදී උදැල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ සවස සැකකරු වෙල් යායේදී වයස්ගත අඹු සැමි යුවළකට මෙලෙස උදැල්ලකින් පහරදී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

එහිදී බරපතල තුවාල ලැබූ පිරිමි පුද්ගලයා ගල්නෑව රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර මහ රෝහලට මාරු කර යවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියගොස් ඇත්තේ හෙලබදුගම ප්‍රදේශයේම පදිංචි 72 හැවිරිදි පුද්ගලයෙක් වන අතර තුවාල ලබා ඇත්තේ එම පුද්ගලයාගේ බිරිඳ වන 65 හැවිරිදි කාන්තාවක්.

මියගිය පුද්ගලයා සහ සැකකරු අතර කුඹුරු ඉඩමක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇතැයි සඳහන්.

සැකකරු ගල්නෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අත්ඩංගුවට ගත් සැකකරු ද එම ප්‍රදේශයේම පදිංචි 60 හැවිරිදි අයෙක්.

කැකිරාව මහේස්ත්‍රාත්වරයා විසින් මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර අනුරාධපුර රෝහලට යොමු කර තිබෙනවා.

ගල්නෑව පොලිසියයි විමර්ශ සිදු කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිසියේ තවත් කෙරුවාවක් එළියට - "මෙහෙම කරන්න එපා බීලා ඇවිල්ලා""මොකක්ද මේ තුප්පහි වැඩේ"
03:40
Video thumbnail
රුපියල් දහයෙන් ටොපියක් ගන්න පුලුවන්ද ?
04:49
Video thumbnail
චන්න ජයසුමනගෙන් අගමැතිට අභියෝගයක් - "පුළුවන්නම ඊයේ කළ ප්‍රකාශය එළියට ඇවිල්ලා කියන්න"
02:28
Video thumbnail
සජිත් පහේ පන්තියේ ළමයි ගාවට ගිහින් මා ආදරණිය මිත්‍රවරුනි කියනවා...#1million #viralvideo
00:37
Video thumbnail
රනිල්ගේ රංගනයන් සියල්ල එකදිගට කියන නාමල්
04:59
Video thumbnail
වාරි මාර්ගයට බැරි වැඩේ සංචාරකයෝ කරයි...
02:33
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යයට කරපු තර්ජනය ගැන ෆොන්සේකා සහ මිහින්තලේ හිමිගේ ප්‍රතිචාර
02:46
Video thumbnail
පාසල් පුස්තකාල වලටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්තව දෙන්න යන සජිත්...#sajithpremadasa
02:23
Video thumbnail
රටේ පුරවැසියන්ට ජනාධිපතිගෙන් ප්‍රශ්න ඇසීමට අවස්ථාව... #ranilwickremesinghe
03:21
Video thumbnail
රට වටේ තිබුණු විවිධ ඡන්ද වලින් දැනට මාලිමාව ඉන්න තැන මෙන්න
09:52

?