කුඹුරු ඉඩම් ආරවුලක් දුරදිග යයි

ගල්නෑව හෙලබදුගම ප්‍රදේශයේ කුඹුරු යායකදී උදැල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ සවස සැකකරු වෙල් යායේදී වයස්ගත අඹු සැමි යුවළකට මෙලෙස උදැල්ලකින් පහරදී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

එහිදී බරපතල තුවාල ලැබූ පිරිමි පුද්ගලයා ගල්නෑව රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර මහ රෝහලට මාරු කර යවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියගොස් ඇත්තේ හෙලබදුගම ප්‍රදේශයේම පදිංචි 72 හැවිරිදි පුද්ගලයෙක් වන අතර තුවාල ලබා ඇත්තේ එම පුද්ගලයාගේ බිරිඳ වන 65 හැවිරිදි කාන්තාවක්.

මියගිය පුද්ගලයා සහ සැකකරු අතර කුඹුරු ඉඩමක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇතැයි සඳහන්.

සැකකරු ගල්නෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අත්ඩංගුවට ගත් සැකකරු ද එම ප්‍රදේශයේම පදිංචි 60 හැවිරිදි අයෙක්.

කැකිරාව මහේස්ත්‍රාත්වරයා විසින් මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර අනුරාධපුර රෝහලට යොමු කර තිබෙනවා.

ගල්නෑව පොලිසියයි විමර්ශ සිදු කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36