කුකුළෙකුගේ ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියයයි

කුකුළෙකු විසින් පුද්ගලයෙකු මරා දැමීමේ සිදුවීමක් අයර්ලන්තයෙන් වාර්තා වනවා.

එම පුද්ගලයාට අයත් ගොවිපළෙහි සිටි “ආක්‍රමණශීලී” කුකුළෙකු විසින් මෙම පුද්ගලයා මරා දමා ඇති බවයි විදෙස් පුවත් සේවා සඳහන් කළේ.

මරණයට හේතුව සොයා බැලීම සම්බන්ධයෙන් කළ පරීක්ෂණයකදී හෙළි වී ඇත්තේ ඔහුට බ්‍රහ්ම කුකුළෙකු පහර දීම හේතුවෙන් මියගොස් ඇති බවටයි.

මෙම පුද්ගලයා මියගොස් ඇත්තේ පසුගිය 2022 වසරේ අප්‍රේල් මාසයේ දී වන අතර මරණ පරීක්‍ෂණයේ ප්‍රතිඵල අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ මේ සතියේ යි.

එම ප්‍රදේශයේම වෙසෙන පුද්ගලයෙකු අධිකරණ පරීක්ෂණයේදී ප්‍රකාශ කර ඇත්තේ මෙම හදිසි සිදුවීම ගැන දැනගත් තමා මෙම පුද්ගලයාගේ නිවසට පැමිණි බවත් ඔහු සිහි නොමැතිව වැටී සිටින ආකාරය දුටු බවයි.

රුධිරය ගොඩක් මැද මුළුතැන්ගෙයි බිම වැටී සිටි ඔහුගේ එක් පාදයක පිටුපස තුවාලයක් තිබූ බවත් අසල්වැසියා වැඩිදුරටත් පවසා තිබෙනවා.

නිවසේ සිට එළිමහනේ කුකුල් කොටුවක් දක්වා ලේ ගලමින් තිබූ බවයි එම අසල්වැසියා ප්‍රකාශ කර ඇත්තේ.

ඔහුගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ශික්ෂණ රෝහලක් වෙතට යොමු කර තිබූ බව සඳහන්.

මෙම පුද්ගලයා කෑ ගසන ශබ්දය අසා පැමිණි අසල්වැසියා සඳහන් කර ඇත්තේ තම මිතුරා ට සිහිය එන විට ඔහු “කුකුළා” යන වචනය ප්‍රකාශ කළ බවයි.

මියගිය පුද්ගලයාගේ මුහුණ වියළි රුධිරයෙන් වැසී තිබූ අතර, ඔහුගේ මුහුණේ කිසිදු කැපුමක් නොතිබූ බවත්, ඔහුගේ මරණයට හේතුව මාරාන්තික හෘදයාබාධයක් බවටයි මරණ පරීක්‍ෂණයේදී වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ.

මියගිය පුද්ගලයාගේ දියණිය සඳහන් කර ඇත්තේ පියා හෘදයාබාධ තත්වයකට ද මුහුණ දී සිටි අතර ඔහුට වකුගඩු ආබාධයක් ද පැවති බවයි.

ඇය නිවසට ළඟා වූ විට, බිම පුරා රුධිරය දුටු අතර තම පියාගේ මරණයට හේතුව වූයේ කුකුළා විය යුතු බව තමාට වැටහුණු බව ද ඇය සඳහන් කර තිබෙනවා.

නියපොත්තේ ලේ ඇති කුකුළෙකු තමා දුටු බවත් තම පියාට පහර දුන්නේ එම සත්වයා බවට සැක කරන බවයි දියණිය හෙළිකර ඇත්තේ.

එමෙන්ම එම කුකුළා මීට පෙර තම දියණියට ද පහරදී ඇති බව ඇය සඳහන් කළා.

මරණ පරීක්ෂණයේදී ඇය කියා සිටියේ තමාට අවශ්‍ය වූයේ මෙම කුකුළා ඉවත් කිරීමට වුව ද විශාල සත්ව ලෝලියෙකු වූ තම පියාට එම සත්වයා තබා ගැනීමට අවශ්‍ය වූ බවයි.

බ්‍රහ්ම වැනි අනාරක්ෂිත යැයි සැලකෙන කුකුළන් අභිජනනය හෝ ළඟ තබා ගැනීමේ අන්තරායන් පිළිබඳව ද ඇය අනතුරු අඟවනවා.

ජනතාව එම සතුන්ගේ හැසිරීම් ලකුණු පිළිබඳව දැනුවත් විය යුතු අතර ඕනෑම කුරුල්ලෙකු ආක්‍රමණශීලී ලක්ෂණ පෙන්නුම් කළ විගස ඔවුන් ඉවත් කළ යුතු බවටයි ඇය මරණ පරීක්ෂණයේදී ප්‍රකාශ කර ඇත්තේ.

කුකුළෙකු විසින් ඇති කරන ලද තුවාලයක් හේතුවෙන් මිනිසෙකුගේ මරණය සිදු වීමේ තත්වයන් ඉතා අසාමාන්‍ය බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

මෙම මරණය ලෝකයේ එවැනි ආකාරයෙන් මිය ගිය කිහිප දෙනාගෙන් කෙනෙකු ලෙසටයි සැලකෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අදත් හිරේ ඉදලා ඇවිත් නාමල් ආණ්ඩුවට කට උත්තර නැති කරයි - මාළුවට SMS යවනවා ධීවරයා එනවා පලයන් කියලා
05:28
Video thumbnail
රන් ආලේපිත ගිනි අවියේ සිද්ධියට දුමින්ද දිසානායකට අධි චෝදනා භාර දෙයි
01:25
Video thumbnail
මුජිබුර්ගේ හෙළිදරව්වෙන් ආණ්ඩුවට කට උත්තර නැතිවෙයි ? බලහත්කාරයෙන් පිළිගන්න කියලා බලපෑම් කරනවා
09:02
Video thumbnail
සජිත් පාර්ලිමේන්තුවේ නැගිටලා ආණ්ඩුවෙන් එක දිගට ප්‍රශ්න කරයි - නවතම නිල පුරෝකථනය කුමක්ද ?
08:48
Video thumbnail
සජිත් හදිසියේම ගිහින් උතුරු නැගෙනහිර හා වතු ප්‍රජාවනියෝජනය කරන මන්ත්‍රීවරු හමුවෙයි
02:40
Video thumbnail
මුජිබුර් කථානායකට හොඳම එකෙන් අමතයි - "සහතිකය ඕනි නෑ රන්වලව ගෙනත් වාඩිකරන්න මෙතන.."
04:25
Video thumbnail
ඇමති බිමල් - විපක්ෂ නායක සජිත්ව අගයයි - මාස 6කට කළින් ඉදිරිපත් කරලා..උනන්දුව අගය කරනවා
03:06
Video thumbnail
දයාසිරි පාර්ලිමේන්තුවේ උණුසුම් වෙයි - "ඔයාට අහගෙන ඉන්න බැරිනම් එළියට යන්න"
05:54
Video thumbnail
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට එයි - "දන්නේ නෑ ඉතින්..ගිහින් ඇවිත් කතා කරමු"
00:42
Video thumbnail
පාරම්පරික වෛද්‍ය ප්‍රශ්නය නිසා නලින්ද - දයාසිරි පැටලෙයි..සිංහලෙන් කිව්වනේ මම විරුද්ධ වුණා
05:40