කුකුළු මස් ඇතුළු මාංශ අපනයනකරුවන්ට ජාත්‍යන්තර ව පිළිගත් තත්ත්ව සහතිකයක්

කුකුළු මස් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයන කරන ව්‍යවසායකයින්ට ජාත්‍යන්තර ව පිළිගත් ප්‍රමිතිකරණ තත්ත්ව සහතිකයක් ලබාදීමට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් ශාඛානු රසායනාගාරයට ඊයේ (17) සිට අවස්ථාව උදා වී තිබෙනවා.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්‍යය හේමාලි කොතලාවල මහත්මිය පැවසුවේ, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ශාඛානු රසායනාගාරය සඳහා ලැබුණු මෙම තත්ත්ව සහතිකය නිල වශයෙන් හඳුන්වාදීම පේරාදෙණිය – ගන්නෝරුවේ පිහිටි සත්ත්ව නිෂ්පාද හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් අඛණ්ඩ අධ්‍යයන ආයතනයේ පැවති කෙටි උත්සවයක දී සිදු වූ බවයි.

එක්සත් රාජධානියේ රාජකීය පශු සම්පත් විද්‍යාලයේ ( ROYAL VETERNITY COLLAGE) හි සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දායකත්වයෙන් වසර කිහිපයක් පුරා ගත් උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස මෙම ජාත්‍යන්තර ව පිළිගත් ISO 17025-2017 තත්ත්ව සහතිකය ලබා ගැනීමට සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ශාඛානු රසායානගාරයට හැකි වූ බවත් මේ නිසා දේශීය අනුමත මාංශ සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීමේ දී ව්‍යවසායකයින්ට විශාල සහනයක් ලැබෙන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරිය මෙහිදී සඳහන් කළා.

මෙම මාධ්‍ය හමුවේ දී කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය පාලිකා ප්‍රනාන්දු, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු විද්‍යා පීඨයේ මහාචාර්ය රුවනි කළුපහන, සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ රසායානාගාර විද්‍යාඥ ආචාර්ය රොෂාන් ප්‍රියන්ත යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද එක් ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27