කැස්බෑවා මිය ගියේ ගිනිගත් නැවේ රසායනික ද්‍රව්‍ය නිසා ද ?

ගාල්ල, උණවටුන වෙරළට මිය ගිය කැස්බෑවෙකුගේ සිරුරක් ඊයේ (ජූනි 2) දින උණවටුන වෙරළට ගොඩ ගසා තිබිණි.

එම මියගිය කැස්බෑවෙකුගේ මරණය එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබූ රසායනික ද්‍රව්‍ය හේතුවෙන් සිදු වූවක් දැයි සොයා බැලීමට වාර්තාවක් ලබා ගන්නා ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය හික්කඩුව වනජීවී කාර්යාලයට අද (03) නියෝගයක් ලබා දුන්නා ය.

මහේස්ත්‍රාත්වරිය හික්කඩුව වනජීවී කාර්යාලයට අදාළ නියෝගය ලබා දුන්නේ, කැස්බෑ සිරුර අත්තිඩිය වනජීවි පශු වෛද්‍ය කාර්යාලයට යවා ඒ පිළිබඳව වාර්තාවක් ලබා ගන්නා ලෙස ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?