කැලණි ගඟේ ඉහළ කොටසේ ජලයට තෙල් මිශ්‍ර වීමට හේතුව හෙළිවෙයි

කැලණි ගඟේ ඉහළ කොටසේ කරවනැල්ල ආශ්‍රිත ප්‍රදේශයේ දී ගංගා ජලයට ඊයේ දිනයේදී තෙල් මිශ්‍ර වීමක් දක්නට ලැබුණා.

ගගේ වැලි ගොඩ දමන පිරිස් හා ස්නානය සඳහා ගඟට පැමිණි පිරිස් මේ බව දැක අදාල ආයතන දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව යටියන්තොට සහ රුවන්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාල නිලධාරීන් , මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්, පොලිස් නිලධාරීන්, යටියන්තොට ප්‍රාදේශීය සභාව සහ ජල සම්පාදන මණ්ඩලය ඇතුළු ආයතන මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කරනු ලැබුවා.

ජල සම්පාදන මණ්ඩලය මගින් ජල සාම්පල්ද ලබාගත් අතර, එහිදී අනාවරණය වූයේ පෙර දින සවස කබුළුමුල්ල ප්‍රදේශයේ පිහිටි රබර් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නක් හේතුවෙන් එහි තිබූ රබර් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන දැවී දියර ලෙස කැළණි ගඟට ගලා යාම නිසා මෙසේ කැළණි ගඟ අපවිත්‍ර වී ඇති බවයි.

කෙසේ වෙතත් මේ පිලිබඳව තවදුරටත් පරීක්ෂණ සිදු කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
3
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !