කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තුවේ විශේෂ තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස යෝජනාවක් කතානායකවරයා වෙත අද (23) භාරදෙනු ලැබුවා.
ඒ, සජිත් ප්රේමදාස විපක්ෂ නායකවරයා ප්රධානත්වෙයන් යුත් විපක්ෂයේ මන්ත්රීවරුන් කණ්ඩයමක් විසින්.
මෙම යෝජනාව සඳහා නායකවරයා ඇතුළුව විපක්ෂය නියෝජනය කරන මන්ත්රීවරුන් 30 දෙනෙකු අත්සන් තබා තිබෙනවා.
රටේ ජාතික ස්වභාවික උරුමයක් වූ කාවන්තිස්ස ඇතාගේ ඛේදජනක මරණය පිළිබඳ සත්ය හෙළිදරව් කර ගැනීමටත්, එම සිදුවීමට අදාළ සියලු පාර්ශ්ව සිය වගකීම් නිසි පරිදි ඉටු කර ඇත්ද යන්න තහවුරු කර ගැනීමටත්, එම ඇතා වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කර ගැනීමත් වෙනුවෙන් මෙලෙස පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවක් ඉල්ලා තිබෙනවා.
මෙහි දී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්රේමදාස කියා සිටියේ කාවන්තිස්ස ඇතාගේ මරණය ගැන සෙවීම සේම දැනට සිටින ඇත් පරපුර ආරක්ෂා කිරීම ගැනත් පියවර ගත යුතු බවත් මෙය දේශපාලනයෙන් තොර දෙයක් බවයි.
