“ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට පොලිසියේ මහත්වරු ටිකක් තදියම් වුණා” – ජනපති (වීඩියෝ)

පුද්ගලයින් කෙරෙහි නොව ආයතන පද්ධතිය කෙරෙහි විශ්වාසය තැබිය හැකි රාජ්‍යක් නිර්මාණය කිරීම අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

හෝමාගම ප්‍රදේශයේ ඊයේ (25) පැවති සුහද හමුවක දී ජනධිපතිවරයා මේ බව පැවසුවා.

මේ අතර ලබන වසර තුළ දී මෙරටට ඩොලර් බිලියනකට ආසන්න ණය ආධාර ලබාදීමට සූදානමක් පවතින බව ලෝක බැංකුව සමඟ සිදුකළ සාකච්ඡාවක දී සඳහන් කළ බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

එමෙන්ම වාණිජ වෙළඳපොළෙන් ණය ගැනීමෙන් වැළකී සිටීමට රජය උපරිම උත්සාහ කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා, බහු පාර්ශ්වීය සහ ද්වි පාර්ශ්වීය ණය ලබාගැනීම කෙරෙහි අවදානය යොමුව ඇති බවයි වැඩිදුරටත් පවසා සිටියේ.

මේ අතර රට තුළ සියලු වී තොග රැස් කරන්නන් සහ හාල් මෝල් හිමියන් රජයේ ලියාපදිංචි විය යුතු බවත් එලෙස ලියාපදිංචි නොවන කිසිවෙකුට සහල් මෝල් පවත්වාගෙන යාම හෝ වී තොග රැස්කිරීම සිදුකළ නොහැකි බවයි ජනාධිපතිවරයා මෙම ජන හමුවේ දී සඳහන් කළේ.

මෙම සුහද හමුව අමතමින් අනුර කුමාර ජනාධිපතිවරයා වැඩිදුරටත් පසුවේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට පොලිස් නිලධාරීන් තරමක් ‘තදියම්’ වූ බවයි.

එමෙන්ම පාතාලය සහ මත්ද්‍රව්‍ය මැඩ පැවැත්වීම සඳහා ඉතා සැකසුම් සහගත වැඩපිළිවෙලක් කඩිනමින් ක්‍රියාත්මක කරන බවත් ඔහු මෙහිදී පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑම ගමක් උණුසුම් කළ වන අලින්
00:49
Video thumbnail
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික්ව දිවයිනට රැගෙන ආ හැටි
01:01
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53