Empty Ad
AFC Banner
Empty Ad

ක්‍රිකට් සම්බන්ධයෙන් කළ යුතු දේ මන්ත්‍රී නාමල් කියයි

ක්‍රිකට් පරිපාලනයේ හා දේශපාලඥයන්ගේ ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් විසදාගත යුතු අතර එසේ නොවුන හොත් අවසානයේදී අපහසුතාවයට හා අගතියට පත්වන්නේ ක්‍රීඩකයින් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

තමන් ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි කාලයේ ක්‍රීඩාව සහ ක්‍රීඩකයින්ගේ අනාගතය ගැන සිතා පරිපාලන ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත් බවයි ඔහු කියාසිටියේ.

දේශපාලන හා ක්‍රිකට් පරිපාලනය ගැටීම හමුවේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කර ඇති අතර එම තහනම හේතුවෙන් වාර්ෂිකව ඍජු හා වක්‍රව ඩොලර් මිලියන 100ක් පමණ අහිමිවන බව මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

විශේෂයෙන් රජයේ අභ්‍යන්තර පරිපාලන ගැටළු නිරාකරණය කර ගැනීමට ක්‍රීඩාව පාවිච්චි නොකළ යුතු බව ඔහු අවධාරණය කළා.

පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ක්‍රීඩාව පාවිච්චි නොකළ යුතු බවත් ප්‍රශ්න ඇත්නම් ඒවා සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතු බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

එසේ නොවුන හොත් විනාශ වී යන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව හා ක්‍රීඩකයින් බව නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කළා.

පසුගිය කාලයේදී රග්බි, පාපන්දු පරිපාලනයන් සහ දේශපාලඥයන් අතර ගැටුම් ඇති වීම මගින් සිදුවූයේ එම ක්‍රීඩාවන් තහනම් වීම බවත් ඔහු සඳහන් කරනවා.

එබැවින් එමනිසා දේශපාලනය හා ක්‍රීඩා පරිපාලනය අතර ගැටුම්වලින් සිදුවන්නේ අනර්ථයක් බවත් පසුගිය කාලයේ සිදුවූ කරුණු කාරණා අනුව එය අවබෝධ කර ගැනීම අපහසු නොවන බවත් නාමල් රාජපක්ෂ කියාසිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කරන චණ්ඩි - සංවේදී පුද්ගලයින් නැරඹීමෙන්
03:34
Video thumbnail
මාවයි - නෝනයි පිටිපස්සෙන් ඇවිත් හැ#පුවා - නඩු කාරයෙක්ලු - වැදගත් කෙනෙක් නිසා යන්නත් දෙන්නලු
05:16
Video thumbnail
ප්‍රබලයෝ හදිසියේම එක තැනකට රැස්වෙයි - චාමර සම්පත් දෙනවා දීමක් ඇප නැති වෙන්න
05:02
Video thumbnail
කොට්ටහච්චිට අපහාස කළා කියලා උසාවියට ගියපු රවින්ද්‍ර රම්මුනි ප්‍රාදේශීය සබාවට
03:57
Video thumbnail
ජාත්‍යන්තර ප්‍රමිතියකට තමයි සංගණනය කළේ මාලිමාවේ මන්ත්‍රිනී තුෂාරා කියයි
04:35
Video thumbnail
සංචාරක නියෝජ්‍ය ඇමති හිර ගෙදරට
13:35
Video thumbnail
මේක අහන්නම ඕන මාධ්‍ය හමුවක් - විනීත රියදුරන්ට වෙන්න යන දේ මෙන්න
05:23
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.15
05:38:04
Video thumbnail
චාමර සම්පත් තවත් අඩව්වක් අල්ලයි
06:21
Video thumbnail
මනෝජ් ගමගේ මාධ්‍ය හමුවේ සැර වෙයි - මතක තියාගන්න මම මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක
18:03

?