ක්‍රිකට් සම්බන්ධයෙන් කළ යුතු දේ මන්ත්‍රී නාමල් කියයි

ක්‍රිකට් පරිපාලනයේ හා දේශපාලඥයන්ගේ ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් විසදාගත යුතු අතර එසේ නොවුන හොත් අවසානයේදී අපහසුතාවයට හා අගතියට පත්වන්නේ ක්‍රීඩකයින් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

තමන් ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි කාලයේ ක්‍රීඩාව සහ ක්‍රීඩකයින්ගේ අනාගතය ගැන සිතා පරිපාලන ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත් බවයි ඔහු කියාසිටියේ.

දේශපාලන හා ක්‍රිකට් පරිපාලනය ගැටීම හමුවේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කර ඇති අතර එම තහනම හේතුවෙන් වාර්ෂිකව ඍජු හා වක්‍රව ඩොලර් මිලියන 100ක් පමණ අහිමිවන බව මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

විශේෂයෙන් රජයේ අභ්‍යන්තර පරිපාලන ගැටළු නිරාකරණය කර ගැනීමට ක්‍රීඩාව පාවිච්චි නොකළ යුතු බව ඔහු අවධාරණය කළා.

පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ක්‍රීඩාව පාවිච්චි නොකළ යුතු බවත් ප්‍රශ්න ඇත්නම් ඒවා සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතු බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

එසේ නොවුන හොත් විනාශ වී යන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව හා ක්‍රීඩකයින් බව නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කළා.

පසුගිය කාලයේදී රග්බි, පාපන්දු පරිපාලනයන් සහ දේශපාලඥයන් අතර ගැටුම් ඇති වීම මගින් සිදුවූයේ එම ක්‍රීඩාවන් තහනම් වීම බවත් ඔහු සඳහන් කරනවා.

එබැවින් එමනිසා දේශපාලනය හා ක්‍රීඩා පරිපාලනය අතර ගැටුම්වලින් සිදුවන්නේ අනර්ථයක් බවත් පසුගිය කාලයේ සිදුවූ කරුණු කාරණා අනුව එය අවබෝධ කර ගැනීම අපහසු නොවන බවත් නාමල් රාජපක්ෂ කියාසිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
00:00
Video thumbnail
අද දිනයෙන් බොහෝ ප්‍රදේශවලට තද වැසි - ඉදිරියේදී වැසි තත්ත්වයේ අඩුවීමක්
02:07
Video thumbnail
චමින්ද නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - හරිනි පෙන්නලා රට කෑවා වගේ වැඩක් මේ
07:36
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි - මහ ජල කඳක් කඩා හැලෙණ අයුරු
01:06
Video thumbnail
ඇදහැලෙන මහ වැස්ස නිසා හැටන් සහ නුවරඑළිය කලාපයේ පාසල් 306ක් වැසෙයි
00:39
Video thumbnail
වැල්ලවාය - මොණරාගල මාර්ගය හරහා මාරුවෙන අමුත්තො රංචුව - "කකුල් උස්සලා ලස්සනට යන හැටි"
00:51
Video thumbnail
උණකන්ද රක්ෂිතයේ සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:08
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් වෙනවා ළමයා ගැන කිසිම තොරතුරක් නෑ - අද ගමම කම්පා වෙලා
05:57
Video thumbnail
මුහුද මැද පෙරළී ගිය යාත්‍රාවක සිටි ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:43
Video thumbnail
මුළු ගමක්ම බිය කළ වන අලියා මෙල්ල කළ මෙහෙයුම - ආවොත් මොන මඟුලක්වත් කරන්න බෑ
02:03