spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ක්‍රිකට් ආයතනය ගැන සිදුකළ රජයේ විගණකාධිපති වාර්තාව පාර්ලිමේන්තුවට

ඕස්ට්‍රේලියාවේ පැවති ඉකුත් විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තේරීමේ දී බෝර්න් අගේන් ආගමික නිකායේ බලපෑමක් සිදු වී තිබේ දැයි සොයා බැලීමේ විමර්ශනයට අදාළ රජයේ විගණකාධිපතිවරයාගේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇතැයි නීතිපතිවරයා අද (07) අභියාචනාධිකරණය හමුවේ දැනුම් දුන්නා.

අදාළ විමර්ශනයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ෂම්මි සිල්වා සහ එහි හිටපු ලේකම් මොහාන් ද සිල්වා යන අය විසින් ඉදිරිපත් කර තිබූ රීට් පෙත්සමක් අද (07) කැඳවනු ලැබූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහ විසින් මෙම දැනුම්දීම සිදුකළා.

ඒ, අනුව අදාළ විමර්ශන වාර්තාව සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඉදිරි කටයුතු සිදුකිරීම සඳහා කාලය ලබාදෙන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ, අනුව අදාළ පෙත්සම ජනවාරි මස 29 වනදා කැඳවීමට නියෝග කළ විනිසුරු මඩුල්ල එදිනට මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාට නියෝග කළා.

ඕස්ට්‍රේලියාවේ පැවති ඉකුත් විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තේරීමේ දී බෝර්න් අගේන් ආගමික නිකායේ බලපෑමක් සිදු වී තිබේ දැයි සොයාබැලීම සඳහා හිටපු මහාධිකරණ විනිසුරු සරෝජිනී කුසලා වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් පරීක්ෂණ කමිටුවක් පත් කෙරුණු බව පෙත්සම්කරුවෝ කියා සිටියා.

ඒ, අනුව විමර්ශණ සිදුකළ එම කමිටුව ඊට අදාළ නිර්දේශ ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබෙන බවත් එම කමිටු නිර්දේශ මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව ඉදිරි පියවර ගැනීම වැළැක්වාලමින් තහනම් නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?