ක්‍රිකට් ආයතනය ගැන සිදුකළ රජයේ විගණකාධිපති වාර්තාව පාර්ලිමේන්තුවට

ඕස්ට්‍රේලියාවේ පැවති ඉකුත් විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තේරීමේ දී බෝර්න් අගේන් ආගමික නිකායේ බලපෑමක් සිදු වී තිබේ දැයි සොයා බැලීමේ විමර්ශනයට අදාළ රජයේ විගණකාධිපතිවරයාගේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇතැයි නීතිපතිවරයා අද (07) අභියාචනාධිකරණය හමුවේ දැනුම් දුන්නා.

අදාළ විමර්ශනයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ෂම්මි සිල්වා සහ එහි හිටපු ලේකම් මොහාන් ද සිල්වා යන අය විසින් ඉදිරිපත් කර තිබූ රීට් පෙත්සමක් අද (07) කැඳවනු ලැබූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහ විසින් මෙම දැනුම්දීම සිදුකළා.

ඒ, අනුව අදාළ විමර්ශන වාර්තාව සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඉදිරි කටයුතු සිදුකිරීම සඳහා කාලය ලබාදෙන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ, අනුව අදාළ පෙත්සම ජනවාරි මස 29 වනදා කැඳවීමට නියෝග කළ විනිසුරු මඩුල්ල එදිනට මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාට නියෝග කළා.

ඕස්ට්‍රේලියාවේ පැවති ඉකුත් විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තේරීමේ දී බෝර්න් අගේන් ආගමික නිකායේ බලපෑමක් සිදු වී තිබේ දැයි සොයාබැලීම සඳහා හිටපු මහාධිකරණ විනිසුරු සරෝජිනී කුසලා වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් පරීක්ෂණ කමිටුවක් පත් කෙරුණු බව පෙත්සම්කරුවෝ කියා සිටියා.

ඒ, අනුව විමර්ශණ සිදුකළ එම කමිටුව ඊට අදාළ නිර්දේශ ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබෙන බවත් එම කමිටු නිර්දේශ මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව ඉදිරි පියවර ගැනීම වැළැක්වාලමින් තහනම් නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
02:10
Video thumbnail
හැමෝම කතාවුණ බෝගම්බර සහ මහමෝදර බන්ධනාගාර කිරීමක් වෙනවද ?ළඟම තිබුණ පිළිතුර තමයි මේක
01:51
Video thumbnail
ගොවියෝ ජනපති මන්දිරය වටලන එක නවත්තන්න බෑ රජෝ
07:48
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
08:14
Video thumbnail
මීගමුවෙන් රැගෙන ගිය රැදවියන්ට ප#රදීලා ම#ලද ? බන්ධනාගාර සිද්ධියට කළින් ඇතුළේ වෙච්ච දේ මෙන්න..
10:41
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශයට නලින්ද කිව්ව සැර කතාව - ඉක්මනින් පළාත් සභා තියෙනවා..සල්ලිවල කිසි ප්‍රශ්නයක් නෑ
04:27
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23