‘කළුවර වප් පොහොය’ විරෝධතාව අත්හිටුවයි

ඉහළ දැමූ විදුලි බිලට විරෝධය පළකරමින් අද (09) දිනයේ දිවයිනේ සියලුම ආගමික ස්ථානවල ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර තිබූ ‘කළුවර වප් පොහොය’ විරෝධතාව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් දැනුම් දීමට පැවති මාධ්‍ය හමුවකදී පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් සඳහන් කළේ මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ලබාදුන් පොරොන්දුව මත මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව අද (09) දිනයේ දී දිවයිනේ වෙහෙර විහාරස්ථානවල විදුලි පහන් දල්වා සාමාන්‍ය පරිදි ආගමික කටයුතු සිදුකරන බවයි උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?