spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කහ සිලින්ඩරේට නිල් සිලින්ඩරේ ගෑස් ගන්න හැකිවෙයි ද ?

මේ වන විට වෙළඳපොළ තුළ ලාෆ් ගෑස් හිඟයක් පවතිනවා.

කෙසේ වෙතත් ලාෆ් ගෑස් සමාගම පසුගිය 26 වනදා සඳහන් කළේ ණයවර ලිපි විවෘත කිරිමට හැකියාව ලැබී ඇති බැවින් ඉදිරි දින කිහිපය තුළ වෙළඳපොලට ගෘහස්ථ ගෑස් සිලින්ඩර නිකුත් කිරිමට හැකියාව පවතින බවයි.

මේ අතර අද (31) පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී වෙළඳපොළ තුළ පවතින ලාෆ් ගෑස් හිඟය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්නයක් යොමු වුණා.

එහිදී විමසා සිටියේ ලාෆ් ගෑස් සිලින්ඩර් (කහ පැහැති) හිමි පාරිභෝගිකයින්ට එම සිලින්ඩරය ලබාදී ලිට්රෝ (නිල් පැහැති) ගෑස් සිලින්ඩර් ලබා ගැනීමේ ක්‍රමවේදයක් සැකසීමේ හැකියව පවතී ද යන්නයි.

එම ප්‍රශ්නයට පිළිතුරු සපයමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ මෙම ගැටළුව අදාල අමාත්‍යාංශයේ ඇමතිවරුන්ට යොමුකරන බවයි.

අනතුරුව අදාල ගෑස් සමාගම් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ද දැනුම් දෙන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?