කහ සිලින්ඩරේට නිල් සිලින්ඩරේ ගෑස් ගන්න හැකිවෙයි ද ?

මේ වන විට වෙළඳපොළ තුළ ලාෆ් ගෑස් හිඟයක් පවතිනවා.

කෙසේ වෙතත් ලාෆ් ගෑස් සමාගම පසුගිය 26 වනදා සඳහන් කළේ ණයවර ලිපි විවෘත කිරිමට හැකියාව ලැබී ඇති බැවින් ඉදිරි දින කිහිපය තුළ වෙළඳපොලට ගෘහස්ථ ගෑස් සිලින්ඩර නිකුත් කිරිමට හැකියාව පවතින බවයි.

මේ අතර අද (31) පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී වෙළඳපොළ තුළ පවතින ලාෆ් ගෑස් හිඟය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්නයක් යොමු වුණා.

එහිදී විමසා සිටියේ ලාෆ් ගෑස් සිලින්ඩර් (කහ පැහැති) හිමි පාරිභෝගිකයින්ට එම සිලින්ඩරය ලබාදී ලිට්රෝ (නිල් පැහැති) ගෑස් සිලින්ඩර් ලබා ගැනීමේ ක්‍රමවේදයක් සැකසීමේ හැකියව පවතී ද යන්නයි.

එම ප්‍රශ්නයට පිළිතුරු සපයමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ මෙම ගැටළුව අදාල අමාත්‍යාංශයේ ඇමතිවරුන්ට යොමුකරන බවයි.

අනතුරුව අදාල ගෑස් සමාගම් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ද දැනුම් දෙන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06