AFC Banner
Empty Ad
Empty Ad

කහවත්තේ කාන්තා ඝාතනයට රිමාන්ඩ් කළ දියණියට ඇප – වෙනත් සැකකරුවෙක් රිමාන්ඩ්

කහවත්ත වැල්ලඳුර ප්‍රදේශයේ කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටි ඇයගේ බාල දියණිය ඇප මත නිදහස් කර තිබෙනවා.

ඒ අද ඇය පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සිද්ධියට අදාළව අද අත්අඩංගුවට ගත් සැකකරු ලබන පළමුවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ. සැකකරු වැල්ලඳුර ප්‍රදේශයේම පදිංචි 50 හැවිරිදි අයෙක්.

පසුගිය 13 වනදා මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ 71 හැවිරිදි තිදරු මවක්. ඇයගේ ඝාතනය සම්බන්ධයෙන් දියණිය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණේ ඇයගේ අත් ඔරලෝසුවක් මියගිය කාන්තාව අසල වැටී තිබීම ඇතුලු කරුණු හේතුවෙන්.

තමා සේවය අවසන් කර නිවසට පැමිණෙන විට කැපුම් තුවාල සහිතව මව මියගොස් ඇති බවට එම දියණිය විසින් පොලිසියට පැමිණිලි කර තිබුණා.

අද අත්අඩංගුවට ගත් සැකකරු මියගිය කාන්තාව සහ මීට පෙර අත්අඩංගුවට ගත් දියණිය පදිංචි නිවස අලුත්වැඩියා කිරීමට පැමිණි අයෙක් වන අතර ඇය මියගිය කාන්තාවගේ රන් භාණ්ඩ සොරකම් කර ඇති බවට ද තොරතුරු අනාවරණ වී තිබෙනවා.

සැකකරු දොලේ බාස් ලෙසට අන්වර්ථ නාමයකින් හඳුන්වන පුද්ගලයෙක්.

අදාළ අලුත්වැඩියාව සඳහා පැමිණි අවස්ථාවේ නිවසේ තිබූ රන්භාණ්ඩ සොරකම් කිරීමක් සම්බන්ධයෙන් කාන්තාව විසින් සැකකරුගෙන් විමසා තිබූ බව සඳහන්.

පසුව එම රන් භාණ්ඩ සොරකම් කිරීම සම්බන්ධයෙන් වරද පිළිගෙන ඇති සැකකරු එහි වටිනාකම මුදලින් ගෙවන බවටයි පොරොන්දු වී ඇත්තේ.

කෙසේ වෙතත් පොරොන්දු වූ පරිදි මුදල් ලබා නොදීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කරන බව මියගිය කාන්තාව දුරකථනය ඔස්සේ සැකකරුට දැනුම් දී ඇති බව වාර්තා වනවා.

අනතුරුව පසුගිය 13 වනදා සැකකරු කාන්තාවගේ නිවසට පැමිණ ඇති අතර, එහි දී දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමකින් පසු මෙම ඝාතනය සිදු ව ඇති බවටයි කහවත්ත පොලිසිය අනාවරණ කරගෙන ඇත්තේ.

ඝාතනයට යොදාගත් තියුණු ආයුධයක් ප්‍රදේශයේ ලඳු කැලෑවක සඟවා තිබිය දී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මියගිය කාන්තාවගේ අවමංගල්‍ය කටයුතු සිදු කෙරුණු අවස්ථාවට ද මෙම සැකකරු සහභාගී වී සිට ඇති බව සඳහන්.

ඝාතනයට ලක්වූ කාන්තාවගේ දියණිය අත්අඩංගුවට ගැනීම සිදු වූයේ විමර්ශණවල දී අසල්වැසියන් ලබාදුන් ප්‍රකාශ සහ කොටකෙතන කාන්තා ඝාතන රැල්ල ඇති වූවා මෙන් සමාජයේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවිමට ඉඩ තිබීම සහ එම තරුණියගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් බව පොලිසිය මහෙස්ත්‍රාත්වරයා හමුවේ සඳහන් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
4
+1
2
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර විපක්ෂයේ වාඩිකරවන්න යන සජිත් ඇතුළු ගෝලබාලයෝ #sajithpremadasa #akd #npp
02:11
Video thumbnail
විධායක බලතලත් තියාගෙන පාස්කු ප්‍රහාරය ගැන හන්ගන් ඉන්නවනම් ඒක බරපතල වරදක්
02:08
Video thumbnail
උගන්ඩාවේ සල්ලි ගේන්න මූලික පියවරවත් ඇරගෙන තියෙනවා ද? - දඬුවම් දෙන්න යන්නේ සෙවල ප්‍රතිපත්තයක් යටතේ
01:48
Video thumbnail
තෙලිජ්ජවිල පාසල හදිසියේම ගිනි ගනියි - ගිනි ගත්තද ? ගිනි තිබ්බද ?
01:22
Video thumbnail
සිලින්ඩරේ එල්ලුන පියල් නිශාන්ත - දැන් කියන කතාව #ranilwickremesinghe
02:22
Video thumbnail
හිටපු ජනාධිපති චන්ද්‍රිකා එකම වේදීකාවේ රනිල්ගේ මූණ බලාගෙන රිදෙන්න කිව්ව කතාව
07:30
Video thumbnail
ඔබට ඉක්මනින් කේන්ති යනව ද? එය නැතිකරගන්නේ මෙන්න මෙහෙමයි
07:20
Video thumbnail
ඉංග්‍රීසි දන්නේ නැති මෛත්‍රී ඉංග්‍රීසි දන්නවා වගේ ඉන්න ලස්සන #shorts #viralvideo #trendingnews
00:12
Video thumbnail
රනිල් - චන්ද්‍රිකා - මෛත්‍රී එකම වේදිකාවක - රනිල් චන්ද්‍රිකාට කිව්ව රහස #srilankapolitics
00:46
Video thumbnail
ඔක්තෝම්බර් 01වෙනදි විදුලි බිල සංශෝධනය වන දිනයතාම කතාවක් නෑ #npp #anurakumaradissanayake
02:12

?