කහවත්තේ කාන්තා ඝාතනයට රිමාන්ඩ් කළ දියණියට ඇප – වෙනත් සැකකරුවෙක් රිමාන්ඩ්

කහවත්ත වැල්ලඳුර ප්‍රදේශයේ කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටි ඇයගේ බාල දියණිය ඇප මත නිදහස් කර තිබෙනවා.

ඒ අද ඇය පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සිද්ධියට අදාළව අද අත්අඩංගුවට ගත් සැකකරු ලබන පළමුවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ. සැකකරු වැල්ලඳුර ප්‍රදේශයේම පදිංචි 50 හැවිරිදි අයෙක්.

පසුගිය 13 වනදා මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ 71 හැවිරිදි තිදරු මවක්. ඇයගේ ඝාතනය සම්බන්ධයෙන් දියණිය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණේ ඇයගේ අත් ඔරලෝසුවක් මියගිය කාන්තාව අසල වැටී තිබීම ඇතුලු කරුණු හේතුවෙන්.

තමා සේවය අවසන් කර නිවසට පැමිණෙන විට කැපුම් තුවාල සහිතව මව මියගොස් ඇති බවට එම දියණිය විසින් පොලිසියට පැමිණිලි කර තිබුණා.

අද අත්අඩංගුවට ගත් සැකකරු මියගිය කාන්තාව සහ මීට පෙර අත්අඩංගුවට ගත් දියණිය පදිංචි නිවස අලුත්වැඩියා කිරීමට පැමිණි අයෙක් වන අතර ඇය මියගිය කාන්තාවගේ රන් භාණ්ඩ සොරකම් කර ඇති බවට ද තොරතුරු අනාවරණ වී තිබෙනවා.

සැකකරු දොලේ බාස් ලෙසට අන්වර්ථ නාමයකින් හඳුන්වන පුද්ගලයෙක්.

අදාළ අලුත්වැඩියාව සඳහා පැමිණි අවස්ථාවේ නිවසේ තිබූ රන්භාණ්ඩ සොරකම් කිරීමක් සම්බන්ධයෙන් කාන්තාව විසින් සැකකරුගෙන් විමසා තිබූ බව සඳහන්.

පසුව එම රන් භාණ්ඩ සොරකම් කිරීම සම්බන්ධයෙන් වරද පිළිගෙන ඇති සැකකරු එහි වටිනාකම මුදලින් ගෙවන බවටයි පොරොන්දු වී ඇත්තේ.

කෙසේ වෙතත් පොරොන්දු වූ පරිදි මුදල් ලබා නොදීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කරන බව මියගිය කාන්තාව දුරකථනය ඔස්සේ සැකකරුට දැනුම් දී ඇති බව වාර්තා වනවා.

අනතුරුව පසුගිය 13 වනදා සැකකරු කාන්තාවගේ නිවසට පැමිණ ඇති අතර, එහි දී දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමකින් පසු මෙම ඝාතනය සිදු ව ඇති බවටයි කහවත්ත පොලිසිය අනාවරණ කරගෙන ඇත්තේ.

ඝාතනයට යොදාගත් තියුණු ආයුධයක් ප්‍රදේශයේ ලඳු කැලෑවක සඟවා තිබිය දී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මියගිය කාන්තාවගේ අවමංගල්‍ය කටයුතු සිදු කෙරුණු අවස්ථාවට ද මෙම සැකකරු සහභාගී වී සිට ඇති බව සඳහන්.

ඝාතනයට ලක්වූ කාන්තාවගේ දියණිය අත්අඩංගුවට ගැනීම සිදු වූයේ විමර්ශණවල දී අසල්වැසියන් ලබාදුන් ප්‍රකාශ සහ කොටකෙතන කාන්තා ඝාතන රැල්ල ඇති වූවා මෙන් සමාජයේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවිමට ඉඩ තිබීම සහ එම තරුණියගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් බව පොලිසිය මහෙස්ත්‍රාත්වරයා හමුවේ සඳහන් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
4
+1
2
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03