spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කසාද බැන්දම ළමයි හදන්නම ඕන කියන අයටත් ජීවත් වෙන්න කසාදයක් ඕනමයි කියන අයටත් කනේ පහරක්

ජීවත් වෙන්න කසාදයක් ඕනෑම යැයි සිතන මිනිසුන්ට මන් සිනහා වෙමි, කසාඳ බැන්දානම් දරුවෙක් හදන්නටම ඕනෑයැයි කියන මිනිසුන්ට අනුකම්පා කරමි

ඇත්තෙන්ම විවාහය කොළයකට ලඝු කිරීම පිළිකුල් කරමි. ප්‍රේමයේ සුරක්ශිත බව කසාද කොළයකින් බලාපොරොත්තු වීම ඊටත් වඩා විහිලුවක් බව සිතමි. ආදරය කරමි, ආදරය ලබමි. ඉන් එහා සුරක්ශිත දෙයක් නොදකිමි.

විවාහ වීත් නොවීත් සතුටින් එකට සිටින අය දකිමි, විවාහා වීත් නොවීත් පව් ගෙවන කරුම සබඳතා දකිමි. දරුවන් නිසා සතුටින් සිටිනු දකිමි, දරුවන් නිසා ජීවිතයේ අවසාන භාගයේත් දුක් විදිනා අය දකිමි. දෙමාපියන් නිසා සතුටින් සිටිනු දකිමි, ඒ නිසා දුක් විදිනා අයද දකිමි.

දරුවන්ට පෙම් කරමි, සැබවින්ම ආසා කරමි, එහෙත් අම්මා තාත්තා, සීයා ආච්චී කිරීමට දරුවන් සෑදීමට විරුද්ධ වෙමි.

දරුවෙක්ට සැප දෙන්න පුලුවන් ආර්ථික මානසික සමාජීය පසුබිමක් ඇති නිසා කොටින්ම කීවෝත් ‘අපි රෙඩී’ නිසා දරුවන් සෑදීම ගැනත් දරුවන්ට ආදරේ නිසා දරුවන් සෑදීම ගැන මෑතක් වන තුරුම එකඟ වී සිටියෙමි. එහෙත් තව දුරටත් එහිත් අරුතක් නොදකිමි.

මොන සැප දී හැදුවත්, දෙමාපියන්ට දරුවා සදහා තරග හෝ විභාග ලියන්නට බැරි බවත්, අසනීපයක් තමාගේ ශරීරයට ගන්නට බැරි බවත්, රැවටීමක් වංචාවක් නිසා වන සිත් වේදනාවක් වැලැක්වන්නට බැරි බවත්, කොටින්ම ඔවුන් වෙනුවෙන් ජීවන සටන ගෙන යන්නට නොහැකි බවත් ජීවිතය තුලින්ම දැකිමි.

ඉදින් මා මගේ නූපන් දරුවාට ආදරය කරමි. ඔහු හෝ ඇය ඒ ශාරිරික හෝ මානසික වේදනා විදිය යුතු නැති බව විශ්වාස කරමි. ඉපදීම දුකක් බව සිතමි.

ඒත් ඉපදී දුක් විදිනා දරුවෙකුගේ ජීවිතය දිනක පහසු කරන්නට ආසා කරමි. දිනෙක, දහස් ගනනක් වූ අසරණ ජීවිත එකක හෝ දෙකක ඉරණම නැවත ලියන්නට මඟ බලා සිටිමි.

දරුවන් වැදූ, හැදූ හැම මවකටම ආදරය කරමි, ඒ අසීමිත කැපකිරීම් අගයමි. එහෙත් ගෲශාව අදහමි.

උපුටා ගැනීම – අන්තර්ජාලයෙන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රට වටේ තිබුණු විවිධ ඡන්ද වලින් දැනට මාලිමාව ඉන්න තැන මෙන්න
09:52
Video thumbnail
මෙවර තමන්ට ඕනේ තැනකින් ඡන්දය දැමීමේ අවස්ථාව...#elections2024
02:38
Video thumbnail
මෛත්‍රී සහභාගී වූ විශේෂ මාධ්‍ය හමුව...#maithripalasirisena
05:11
Video thumbnail
දසත Mid Day 11.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 11.25 PM LIVE | 2024-07-27|Dasatha News
31:18
Video thumbnail
වික්‍රමබාහු කරුණානායට අවස්න ගෞරව දක්වන්න ආ ජනපති
00:43
Video thumbnail
"9වන විධායක ජනාධිපතිත් රනිල්" #ranilwickremesinghe
01:48
Video thumbnail
ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ගේ සතුට - "ලංකාවේ කෙල්ලො ටිකනම් සුපිරී"
02:43
Video thumbnail
රනිල් උන්මන්ත නායකයෙක්... "මෙයාලා බලය වෙනුවෙන් ඕනෑම දුෂ්ඨ ක්‍රියාවකට යනවා" #anurakumaradissanayake
08:48
Video thumbnail
වත්මන් T20 නායක චරිත් අසලංකගේ Planඑක මෙන්න... #cricket #t20cricket #charithasalanka
04:48
Video thumbnail
සැප්තැම්බර් 22 නියත ජනපති 'අනුර' #npp #akd #anurakumaradissanayake #elections2024
06:50

?