Empty Ad
AFC Banner
Empty Ad

කසකස්තාන ගුවන් සීමාවේ දී මගී ගුවන් යානයක් කඩා වැටෙයි

අසර්බයිජානයේ සිට රුසියාව බලා පියාසර කරමින් තිබූ මගී ගුවන් යානයක් හදිසියේ ම කඩා වැටී දැවැන්ත අනතුරක් සිදු ව තිබෙනවා.

අද (25) දිනයේ මෙම ගුවන් අනතුර මීට ටික වේලාවකට පෙර සිදු ව ඇති බව‍යි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේ.

කසකස්තානයේ අක්ටාවු නගරය ආසන්නයේ දී මෙම මගී ගුවන් යානය කඩා වැටී ඇති බව එරට හදිසි අවස්ථා පිළිබඳ අමාත්‍යාංශය නිවේදනය කරනවා.

මධ්‍යම ආසියානු හදිසි අවස්ථා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනේ ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ පවසන පරිදි අනතුරින් පුද්ගලයින් 14 දෙනෙකු දිවි බේරාගෙන ඇති බවත් ඔවුන් ව මේ වනවිට කඩිනමින් රෝහල්ගත කර ඇති බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාදේශීය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ “මේ වන විට දිවි ගලවා ගත් 14 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ද, තවත් පස් දෙනෙකු ප්‍රාදේශීය රෝහලට ද ගෙන ගොස් ඇත..” යන්නයි.

ගුවන් යානය කඩා වැටීමෙන් අනතුරුව ගිනිගෙන ඇති බවත් ගිනි නිවන හමුදා භටයින් ද එම ස්ථානයට පිටත්ව ගොස් ඇති බවත් වාර්තා වනවා.

එම ගින්න මේ වනවිට සම්පූර්ණයෙන් ම මැඩපවත්වා අවසන්.

අසර්බයිජාන් ගුවන් සේවය පැවසුවේ J2-8243 පියාසැරිය සහිත Embraer 190 ගුවන් යානය Baku සිට රුසියාවේ Chechnya හි අගනුවර වන Grozny දක්වා පියාසර කරමින් සිටි බවයි.

නමුත් Kazakh නගරයේ සිට ආසන්න වශයෙන් කිලෝමීටර් 03ක් (1.8 සැතපුම්) දුරින් හදිසි ගොඩබෑමක් සිදු කිරීමට අවශ්‍ය වූ බවත්; වාර්තා වනවා.

රුසියානු ප්‍රවෘත්ති ඒජන්සි පැවසුවේ ග්‍රෝස්නි ප්‍රදේශයේ මීදුම හේතුවෙන් යානය යළි හරවා යවා ඇති බවයි.

කෙසේ වෙතත් මෙම පසුබිම යටතේ දියි මගීන් 72 දෙදෙනකු රැගත් ගුවන් යානය කඩා වැටී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබේ ප්‍රසාද් නියෝජ්‍ය ඇමති එක්ක පැටලෙයි
Video thumbnail
ලොහාන්ගෙන් සුබ පණිවිඩයක්
00:14
Video thumbnail
දැන් ත්‍රීවිල් වල ගහන්නේ නාමල් අපිට ඕනේ කියලා - මාලිමාව ලෙෆ්ට්
01:26
Video thumbnail
කැත වැඩ කරපු අක්කාව මාට්ටු - Video කරන්න එපා - අපේ තාත්තා පෝලීසියේ
00:39
Video thumbnail
වෛද්‍යවරියගේ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගත්තේ නැත්නම් රට තුළ දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ?
07:46
Video thumbnail
මාලිමාව කෙඳිරි ගෑවෙන්නම වැඩේ දෙයි - කඩුවෙල නගරාධිපති අපේක්ෂකයා මමයි
09:00
Video thumbnail
ආනුරාධපුර රෝහලේ ජරමරේ - අහිංසක මිනිස්සු - නන්නත්තාරයි
03:22
Video thumbnail
සැර යෝෂිත සර් වෙනුවෙන් ළමයි පෙරට - නපුරු සර් තවමත් නිදැල්ලේ
01:00
Video thumbnail
සැර යෝෂිත සර් වෙනුවෙන් ළමයි පෙරට - නපුරු සර් තවමත් නිදැල්ලේ
07:46
Video thumbnail
දේශබන්දුට එරෙහිව පොලිස් කොමිෂන් සභාවේ පැමිණිල්ලක්
06:32

?