ආන්දෝලනාත්මක පුවත් මැවූ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

ආන්දෝලනාත්මක සිද්ධීන් මැවූ පසුගිය වසරේ (2024) පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් නිකුත් කර තිබෙනවා.

අද (11) පස්වරුවේ එම ප්‍රතිඵල නිකුත් කර ඇති අතර එම ප්‍රතිඵළ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lkහෝ www.results.exams.gov.lk වෙත පිවිස සිය විභාග අංකය ඇතුළත් කර ලබාගත හැකියි.

මෙම විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අවැසි අයෙකුට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවර්ධන හා ප්‍රතිඵල ශාඛාවේ පහත සඳහන් දූරකථන අංක හා සම්බන්ධ වීමෙන් එය ලබා ගත හැකි වන බව ද ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ක්ෂණික ඇමතුම් – 1911
දූරකථන අංක – 0112784208, 0112784527, 0112785922, 0112784422