කසකස්තාන ගුවන් සීමාවේ දී මගී ගුවන් යානයක් කඩා වැටෙයි

අසර්බයිජානයේ සිට රුසියාව බලා පියාසර කරමින් තිබූ මගී ගුවන් යානයක් හදිසියේ ම කඩා වැටී දැවැන්ත අනතුරක් සිදු ව තිබෙනවා.

අද (25) දිනයේ මෙම ගුවන් අනතුර මීට ටික වේලාවකට පෙර සිදු ව ඇති බව‍යි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේ.

කසකස්තානයේ අක්ටාවු නගරය ආසන්නයේ දී මෙම මගී ගුවන් යානය කඩා වැටී ඇති බව එරට හදිසි අවස්ථා පිළිබඳ අමාත්‍යාංශය නිවේදනය කරනවා.

මධ්‍යම ආසියානු හදිසි අවස්ථා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනේ ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ පවසන පරිදි අනතුරින් පුද්ගලයින් 14 දෙනෙකු දිවි බේරාගෙන ඇති බවත් ඔවුන් ව මේ වනවිට කඩිනමින් රෝහල්ගත කර ඇති බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාදේශීය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ “මේ වන විට දිවි ගලවා ගත් 14 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ද, තවත් පස් දෙනෙකු ප්‍රාදේශීය රෝහලට ද ගෙන ගොස් ඇත..” යන්නයි.

ගුවන් යානය කඩා වැටීමෙන් අනතුරුව ගිනිගෙන ඇති බවත් ගිනි නිවන හමුදා භටයින් ද එම ස්ථානයට පිටත්ව ගොස් ඇති බවත් වාර්තා වනවා.

එම ගින්න මේ වනවිට සම්පූර්ණයෙන් ම මැඩපවත්වා අවසන්.

අසර්බයිජාන් ගුවන් සේවය පැවසුවේ J2-8243 පියාසැරිය සහිත Embraer 190 ගුවන් යානය Baku සිට රුසියාවේ Chechnya හි අගනුවර වන Grozny දක්වා පියාසර කරමින් සිටි බවයි.

නමුත් Kazakh නගරයේ සිට ආසන්න වශයෙන් කිලෝමීටර් 03ක් (1.8 සැතපුම්) දුරින් හදිසි ගොඩබෑමක් සිදු කිරීමට අවශ්‍ය වූ බවත්; වාර්තා වනවා.

රුසියානු ප්‍රවෘත්ති ඒජන්සි පැවසුවේ ග්‍රෝස්නි ප්‍රදේශයේ මීදුම හේතුවෙන් යානය යළි හරවා යවා ඇති බවයි.

කෙසේ වෙතත් මෙම පසුබිම යටතේ දියි මගීන් 72 දෙදෙනකු රැගත් ගුවන් යානය කඩා වැටී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25