වෛද්‍යවරියට අකටයුතුකම් කළ සැකකරු ඇල්ලීමට නොහැකි වුණොත් දීප ව්‍යාප්ත වර්ජනයක්? (වීඩියෝ)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක ලෙස පුහුණුවීම් ලබමින් සිටි වෛද්‍යවරියක ලිංගික හිංසනයට ලක්වීමේ ඛේදනීය සිදුවීමට සම්බන්ධ සැකකරු හෙට (12) පෙරවරු 08 වන විට අත්අඩංගුවට නොගතහොත් උතුරුමැද පළාත පුරා ම දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ මේ වනවිට ද දිවයිනේ දුෂ්කර පළාත්වල පවා පහසුකම් රහිත ව සිය සේවාව සපයන වෛද්‍යවරියන්ගේ ආරක්ෂාව ඇත්තේ ද දැඩි අනාරක්ෂිත තත්ත්වයක බවයි.

එබැවින් වහාම හෙට පෙරවරුව වන විට හඳුනාගෙන ඇති සැකකරු අත්අඩංගුවට ගැනීම සිදු කළ යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ.

මෙම ඛේදනීය සිදුවීමට මුහුණපා ඇත්තේ 32 හැවිරිදි වියෙහි පසුවන විශේෂඥ වෛද්‍යවරියක ලෙස පුහුණුවෙමින් සිටි වෛද්‍යවරියක්.

ඇය සිය රාජකාරි කාලසීමාව නිමා කර රෝහල් පරිශ්‍රයේම අනෙක් අන්තයේ පිහිටි විශේෂඥ වෛද්‍යවරියන්ගේ නිල නිවාස පිහිටි කොටසට ගොස් ඇත්තේ ඊයේ (10) පස්වරු 06.30ත් 07ත් අතර කාලයේ දියි.

ඇය සිය නිල කාමරයේ දොර විවෘත කරන විට ඇයගේ පසුපසින් පැමිණි අපරාධකරු ඇයගේ මුව වසා ගෙළට තියුණු ආයුධයක් තබා බියගන්වා ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් අනතුරුව ඇය ලවා ම නිවාසයේ දොර ඇරවාගෙන ඇති සැකකරු ඇයගේ දෑස්, අත් පා බැඳ, මුඛය ද ගැට ගසා අමානුෂික අයුරින් වධ හිංසනයට ලක් කර ලිංගික අතවර සිදු කර තිබෙනවා.

පසුව සැකකරු වෛද්‍යවරියගේ දූරකථනය ද රැගෙන පලා ගොස් ඇති අතර ටික වේලාවකින් වෛද්‍යවරිය යළිත් සිය නිල නිවාසයේ ප්‍රධාන දූරකථනය වෙත පැමිණ සිය පියාට දූරකථන ඇමතුමක් ගෙන මුහුණපෑ සිදුවීම පවසා ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට අපරාධය සිදු කළ අපරාධකරු හඳුනාගෙන ඇති අතර ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් 05ක් මෙහෙයුම් අරඹා ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ.

කෙසේවෙතත් අද උදෑසන සිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ අත්‍යවශ්‍ය සේවා හැර බාහිර රෝගී අංශය වැනි සෙසු සේවාවල වර්ජනය ක්‍රියාත්මක වීම හේතුවෙන් රෝගීන් ද දැඩි අපහසුතාවකට ලක් ව සිටිනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිස් ස්ථානය මගින් විමර්ශන සිදු කෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22