ජනපති සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවේ (වීඩියෝ)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා සුරා බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) පැවැත්වුණා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ සුරාබදු දෙපාර්තමේන්තුවේ දැනට තිබෙන ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සහ මෙම වසරේ ආදායම් ඉලක්ක සපුරා ගැනීම යන කරුණු අරමුණු කර ගනිමින් මෙම හමුව පැවැත්වූ බවයි.

බදු අය කිරීමේ කාර්යක්ෂමතාව හා සාධාරණ බව තහවුරු කිරීම සඳහා සුරා බදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ ජාලගත කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

මත්පැන් හා දුම්කොළ කර්මාන්ත විධිමත්ව නියාමනය කිරීමෙන් රාජ්‍ය ආදායම වර්ධනය කිරීම, නීත්‍යනුකූල ආදායම් උත්පාදනය සඳහා පහසුකම් සැලසීම, නීති සහ රෙගුලාසිවලට අනුකූලතාව බලාත්මක කිරීම, නීති විරෝධී මත්පැන්, අන්තරායකර ඖෂධ සහ මනෝවර්තක ද්‍රව්‍ය අනිසි භාවිතයට එරෙහිව තියුණු දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ප්‍ර‍මිතියෙන් තොර මද්‍යසාර භාවිතය මගින් සිදුවන සෞඛ්‍ය හානිවලින් ආරක්ෂා වීම සහතික කිරීම හා ආර්ථික වර්ධනයට සහාය වීම සඳහා රට තුළ මත්පැන් සහ අනෙකුත් අනුමත මද්‍යසාර කාර්යක්ෂමව හා සඵලදායී ලෙස පාලනය කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වුණා.

උපායමාර්ගික සහ මෙහෙයුම් කටයුතුවල ඵලදායී තීරණ ගැනීමේ හා කළමනාකරණ ක්‍රමවේදයක් මගින් ආදායම් එකතු කිරීම හා ආදායම් සුරක්ෂිත කිරීම පිළිබඳව සාකච්ඡා කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

සුරාබදු දෙපාර්තමේන්තුවෙහි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා මානව සම්පත් හා තාක්ෂණික සංවර්ධන සැලැස්මක් සකස් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡාවට බඳුන් වුණා.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරු ද, සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා මහතා ඇතුළු සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32