Empty Ad
AFC Banner
Empty Ad

කලා වැව අවට මාර්ග කිහිපයක ගමනා ගමනයට බාධා (ඡායාරූප)

කලාවැවේ හදිසි වාන් දොරටු විවෘත කිරීමත් සමග කලාඔය පිටාර ගැලීමෙන් කලාවැව අවට මාර්ග දෙකක් ජලයෙන් යටවී තිබෙනවා.

කලාවැව අවුකන මාර්ගය සහ හඳුන්ගමුව හිරිපිටියාගම මාර්ග දෙක මෙලෙස ජලයෙන් යටවී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

අවුකන කලාවැව මාර්ගය අවුකන දුම්රිය මාර්ගය දක්වා කොටස ජලයෙන් යටවී තිබෙනවා.

මේ හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනය ද ඇන හිට ඇති අතර ප්‍රදේශයේ නිවාස කිහියක් ආසන්නයටම මේ වනවිට ජලය ගලාගෙන පැමිණ ඇතැයි සඳහන්.

කලාඔය පිටාර ගැලීම හේතුවෙන් හිරිපිටියාගම හඳුන්ගමුව මාර්ගය හඳුන්ගමුව ප්‍රදේශයෙන් ජලයෙන් යටවී පවතින අතර එම මාර්ගයේ ගමනා ගමන කටයුතු ද ඇනහිට තිබෙනවා.

පවතින තත්ත්වය අනුව තවදුරටත් කලාවැවේ හදිසි වාන් දොරටු විවෘත කිරීමට සිදු වුවහොත් එම අවුකන වලව්වේගම ප්‍රදේශ ආශ්‍රිතව ආපදා තත්වයන් මතුවිමේ අවධානමක් පවතින බවයි අනුරාධපුර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කර ඇත්තේ.

කලාවැවේ හදිසි වාන් දොරටු මේ වන විට අඩි 17 බැගින් විවෘත කර තිබෙනවා.

කලාවැවේ සමස්ථ ජල ධාරිතාව මේ වනවිට අක්කර අඩි 85000ක් පමණ වී ඇති අතර හදිසි වාන් දොරටු මගින් පිටවන ජල ප්‍රමාණය තත්ත්පරයට ඝන අඩි 20000ක් පමණ වනවා.

මේ වනවිට කලාවැවට එක්වෙමින් පවතින ජලධාරිතාවය අද පෙරවරුව වනවිට තත්පරයට ඝන අඩි 23000කට ආසන්නව පැවැති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.17
00:00
Video thumbnail
පාර්ලිමේන්තුව අසල උණුසුම් තත්ත්වයක් - හදිසියේ පොලිසියත් එතැනට කැඳවයි
05:18
Video thumbnail
රංජන් රාමනායක හොරු ගැන ආයෙත් හෙළිදරව්වක් කරයි
11:41
Video thumbnail
දිලිත් පාර්ලිමේන්තුව දෙවනත් කරපු හැටි - මේ මොන ගොබ්බ වැඩක්ද
22:58
Video thumbnail
නන්දන ගුණතිලක ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි - මම JVP එකේ හිටපු ප්‍රධාන ලේකම්
04:46
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.17
01:23:13
Video thumbnail
අපිලගේ සාදුගේ ඉංග්‍රීසි කොහොමද ? ළඟ හිටපු අයත් තිගැස්සුණු කතාව මෙන්න
08:23
Video thumbnail
කොළඹ ලොකුම පුටුවට එන ව්‍රායි කැලී බල්තසාර්
10:41
Video thumbnail
හොයාගන්නත් නැති දේශබන්දු දාපු පෙත්සමට අධිකරණයෙන් අද දීපු නියෝගය
01:42
Video thumbnail
අගමැතිට අපහාස කළ පාර්ලිමේන්තු මන්ත්‍රීට වැඩ වරදින්න වගේ යන්නේ
02:16

?