කලා වැව අවට මාර්ග කිහිපයක ගමනා ගමනයට බාධා (ඡායාරූප)

කලාවැවේ හදිසි වාන් දොරටු විවෘත කිරීමත් සමග කලාඔය පිටාර ගැලීමෙන් කලාවැව අවට මාර්ග දෙකක් ජලයෙන් යටවී තිබෙනවා.

කලාවැව අවුකන මාර්ගය සහ හඳුන්ගමුව හිරිපිටියාගම මාර්ග දෙක මෙලෙස ජලයෙන් යටවී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

අවුකන කලාවැව මාර්ගය අවුකන දුම්රිය මාර්ගය දක්වා කොටස ජලයෙන් යටවී තිබෙනවා.

මේ හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනය ද ඇන හිට ඇති අතර ප්‍රදේශයේ නිවාස කිහියක් ආසන්නයටම මේ වනවිට ජලය ගලාගෙන පැමිණ ඇතැයි සඳහන්.

කලාඔය පිටාර ගැලීම හේතුවෙන් හිරිපිටියාගම හඳුන්ගමුව මාර්ගය හඳුන්ගමුව ප්‍රදේශයෙන් ජලයෙන් යටවී පවතින අතර එම මාර්ගයේ ගමනා ගමන කටයුතු ද ඇනහිට තිබෙනවා.

පවතින තත්ත්වය අනුව තවදුරටත් කලාවැවේ හදිසි වාන් දොරටු විවෘත කිරීමට සිදු වුවහොත් එම අවුකන වලව්වේගම ප්‍රදේශ ආශ්‍රිතව ආපදා තත්වයන් මතුවිමේ අවධානමක් පවතින බවයි අනුරාධපුර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කර ඇත්තේ.

කලාවැවේ හදිසි වාන් දොරටු මේ වන විට අඩි 17 බැගින් විවෘත කර තිබෙනවා.

කලාවැවේ සමස්ථ ජල ධාරිතාව මේ වනවිට අක්කර අඩි 85000ක් පමණ වී ඇති අතර හදිසි වාන් දොරටු මගින් පිටවන ජල ප්‍රමාණය තත්ත්පරයට ඝන අඩි 20000ක් පමණ වනවා.

මේ වනවිට කලාවැවට එක්වෙමින් පවතින ජලධාරිතාවය අද පෙරවරුව වනවිට තත්පරයට ඝන අඩි 23000කට ආසන්නව පැවැති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14