Empty Ad
AFC Banner
Empty Ad

කලාවැවේ හදිසි වාන් දොරටු විවෘත වෙයි

කලාවැවේ හදිසි වාන් දොරටු දෙක අඩි දෙක බැගින් යළි විවෘත කිරීමට කලාවැව ජලාශ කාර්යාලය කටයුතු කර තිබෙනවා.

කලා වැව ජලපෝෂක ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට ඇදහැලෙන වර්ෂාවත් සමග කලාවැවේ ජලමට්ටම ඉහළ යාමත් සමග අද පස්වරු 3 සිට එම හදිසි වාන් දොරටු විවෘත කිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව එමගින් තත්පරයට ඝන අඩි 2017ක ජල ප්‍රමාණයක් මේ වනවිට කලා ඔයට මුදා හැරෙමින් පවතිනවා.

දඹුලු ඔය ඇතුලු ජලමූලාශ ඔස්සේ මේ වනවිට තත්පරයට ඝණ අඩි 2811ක ප්‍රමාණයක් කලාවැවට මේ වනවිටත් එක්වෙමින් පවතින බවයි කලාවැව ජලාශ කාර්යාලය සඳහන් කළේ.

ඒ අනුව කලාවැව ජල ධාරිතාවය තවදුරටත් ඉහළ ගියහොත් හදිසි වාන්දොරටු තවදුරටත් විවෘත කිරීමට සිදුවන බව ද එම කාර්යාලය ප්‍රකාශ කළා.

මේ වනවිටත් එම ප්‍රදේශයට වර්ෂාව ගලැබෙමින් පවතින අතර පවතින තත්ත්වය අනුව රාත්‍රි කාලයේ බොහෝදුරට කලාවැව හදිසි වාන් දොරටු තවදුරටත් විවෘත කිරීමට සිදුවිය හැකි බව සඳහන්.

එසේ වුවහොත් කලාඔයේ ජල ධාරිතාවය තවදුරටත් ඉහළ යා හැකි බැවින් සිදුවිය හැකි ආපදා අවම කර ගැනීමට අවධානයෙන් සිටින ලෙසටයි කලාඔය දෙපස පදිංචිකරුවන්ට අනුරාධපුර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.17
00:00
Video thumbnail
ආණ්ඩුව දැන් ගොඩක් අසරණ වෙලා ඉන්නේ - බටලන්දත් සතියක් වගේ ඇදගනී
07:03
Video thumbnail
පාර්ලිමේන්තුව අසල උණුසුම් තත්ත්වයක් - හදිසියේ පොලිසියත් එතැනට කැඳවයි
05:18
Video thumbnail
රංජන් රාමනායක හොරු ගැන ආයෙත් හෙළිදරව්වක් කරයි
11:41
Video thumbnail
දිලිත් පාර්ලිමේන්තුව දෙවනත් කරපු හැටි - මේ මොන ගොබ්බ වැඩක්ද
22:58
Video thumbnail
නන්දන ගුණතිලක ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි - මම JVP එකේ හිටපු ප්‍රධාන ලේකම්
04:46
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.17
01:23:13
Video thumbnail
අපිලගේ සාදුගේ ඉංග්‍රීසි කොහොමද ? ළඟ හිටපු අයත් තිගැස්සුණු කතාව මෙන්න
08:23
Video thumbnail
කොළඹ ලොකුම පුටුවට එන ව්‍රායි කැලී බල්තසාර්
10:41
Video thumbnail
හොයාගන්නත් නැති දේශබන්දු දාපු පෙත්සමට අධිකරණයෙන් අද දීපු නියෝගය
01:42

?