Fly high Get bonus Aviator Phone

කමිඳු සහ ධනාගේ සුපිරි ඉනිම් දෙකන් බංග්ලාදේශයට අසීරු ඉලක්කයක්

බංග්ලාදේශය සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 418ක් රැස් කළා.

මෙහිදී ශ්‍රී ලංකා දෙවන ඉනිමේ නැංඟුරම බවට පත් වූ මැදපෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 164ක් වාර්තා කළා.

ඊට අමතරව ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළ නායක ධනංජය ද සිල්වා අද සිය 12 වන ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 108ක් රැස් කළේ පන්දු 179කට මුහුණ දෙමින්.

ඒ, අනුව මෙම තරගය ජයගැනීමට බංග්ලාදේශයට දෙවන ඉනිම සඳහා ලකුණු 511ක දැවැන්ත ඉලක්කයක් හිමිව තිබෙනවා.

පන්දු යැවීමේ දී, මෙහිදී හසන් මිරාස් ශ්‍රී ලංකා දෙවන ඉනිමේ කඩුලු 04ක් බිඳ දැමීමට සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට ලකුණු 280ක් රැස්කළ අතර ඊට පිළිතුරු වශයෙන් බංග්ලාදේශයට පළමු ඉනිමට රැස් කිරීමට හැකි වුයේ ලකුණු 188ක් පමණයි.

ඒ, අනුව ශ්‍රී ලංකාව ලකුණු 92ක වාසියක් ද සිය දෙවන ඉනිම ආරම්භ කළා.

සිල්හෙට් හිදී පැවැත්වෙන මෙම තරගයේ තුන්වන දිනය අදයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
0
+1
5
+1
0
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?