කඳුළු ගෑස් වැදුණොත් මොකද වෙන්නේ ?

කඳුළු ගෑස් එහෙමත් නැත්නම් ටියර් ගෑස් යනු කෝලාහල මැඩ පැවැත්වීම සඳහා අවසාන තුරුම්පුවයි.

උද්ඝෝසන මැඩ පවත්වන කඳුළු ගෑස් සම්බන්ධව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හා නැනෝ තාක්ෂණික උපාධි වැඩසටහනේ සම්බන්ධීකාරක ගාමිණි රාජපක්ෂ මහතා තැබූ සටහනක් ඇසුරින් මේ ලියා තැබෙනවා.

සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මහාචාර්යවරයා පවසා ඇත්තේ කඳුළු ගෑස්වල අඩංගු වෙන ක්ලොරොඇසටොපිනොන්, ක්ලොරොබෙන්සිල්ඩීන්, නැලනොනයිට්‍රයිල්, ක්ලොරොපික්රින්, බ්‍රෝමොබෙන්සයිල් සයනයිඩ්, ක්ලොරොබෙන්සැක්සපින් වැනි විෂ රසායන ද්‍රව්‍ය නිසා ඇස් සම හා ශ්වාසනාලයට බලපෑම් ඇති කරන බවය.

දැනටමත් ස්වාස නාළ ආශ්‍රිත රෝග සහිත අය මෙම කඳුළු ගෑස්වලට නිරාවරණය වීමෙන් බරපතල රෝගවලට ලක්වීමේ ප්‍රවණතාව  ද ඉහළ බව ඔහු සඳහන් කරයි.

ඇමරිකානු විශේෂඥයින් පවසන අන්දමට මේවාට නිරාවරණය වීමෙන් සමේ හා ස්වාසනාළයේ පිළිස්සෙන්නාක් මෙන් දැනීම අපැහැදිලි දර්ශන, ගිලිමේ අපහසුතා වැනි රෝග ලක්ෂණ ද, රසායන ද්‍රව්‍යවලින්    වන පිලිස්සීම් සහ අසාත්මිකතා නිසා  ස්වාස නාල ආශ්‍රිත රෝග ද වැළඳිය හැකි ය.

මේ අතර ජාතික අක්ෂි රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක   සඳහන් කළේ ඇස් හොඳින් ආවරණය වෙන ගොගල්ස් හා නාස් හා මුඛ ආවරණ භාවිතා කිරීමෙන් කඳුළු ගෑස් ප්‍රහාරයන්ගෙන් ආරක්ෂා විය හැකි බවයි.

කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල වෙන විට දිවීම නොකළ යුතු බවත් කඩිසර ගමනින් හොඳින් වාතය ලැබෙන ස්ථානයකට ගමන් කළ යුතු බවත් වෛද්‍යවරයා සඳහන් කළේය. ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ වේගයෙන් දුව යන විට හුස්ම ගැනීමේ වේගය වැඩි වෙන නිසා එයින් ශ්වසන අපහසුතාව වැඩි විය හැකි බව ඔහු පැවසීය.

“දියුණු රටවල වෛද්‍ය අත්පොත්වල කඳුළු ගෑස් ප්‍රහාරයකදී ලබා දිය යුතු ප්‍රථමාධාර පිළිබඳ දැනුවත් වෙනවා. කඳුළු ගෑස් කිව්වම මේක ගෑස් එකක් වායුවක් කියලා හිතුවට මේක ඇලජනේටට් කියන සංයෝගයේ කුඩු වර්ගයක් විදියටයි යොදා ගන්නේ. 1970 ගණන්වල ඉඳලා කඳුළු ගෑස් භාවිතා වෙනවා. මේක මාරාන්තික  නොවන එකක් විදියටයි සලකන්නේ…”

“සිරුරේ දහදිය තියෙද්දී ඒ හරහා මේවා ශරීරගත වීම වැඩි බවත් රූපය හැඩ කරන්නට යොදා ගන්නා හෙයාර් ජෙල් ලිප්ස්ටික් අයි ලයිනර් වැනි දේ හරහා ද මේවා ශරීරගත වීම වැඩිවන බවත් සොයාගෙන තිබෙනවා.“

මෙවැනි අවස්ථාවකදී කළ යුත්තේ ගලා යන වතුරෙන්  ඉක්මනින් මුහුණ සිරුර සෝදා ගන්න එක. කඳුළු ගෑස් ප්‍රහාරවලින් පස්සේ එන්නේ ජල බවුසරේ හින්දා ඒකෙන් නා ගත්තොත් හරි කියලා කට්ටිය හිතන්න පුළුවන්. ඒත් ඒක හොඳ අදහසක් නෙමෙයි. මොකද මේ ජල බවුසර්වලින් නිකුත් වෙන්නේ අධි පීඩන ජල ප්‍රහාරයන්.. ඒවායින් ඈත් වීමයි කළ යුත්තේ..

කුඩා කැනිස්ටර් එකක තමයි කඳුළු ගෑස් විදින්නේ. අපි දකිනවා මේ කැනිස්ටර් එක අරගෙන අනිත් පැත්තට විසි කරනවා. ඒක කරන්න හොඳ නෑ. මොකද ඒ රස්නෙට අත් පිච්චෙනවා. පුළුවන් තරම් ඇස් නාසය මුඛය ආරක්ෂා කරගෙන හොඳින් වාතය ලැබෙන තැනකට යෑමයි කළ යුතුම දේ..”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ.. මම උත්තර දුන්නොත් මහත්තුරුන්ට ප්‍රශ්නයක් වෙනවා
00:54
Video thumbnail
රාජපක්ෂ පවුලේ නඩු නැති කෙනෙක් නෑනේ - අනේ අර වයසක උන්දටත් නඩුනේ..කට්ටියගේ ලෙඩ වැඩිවෙලා
01:40
Video thumbnail
අනුරාධපුරට ලක්ෂ ගාණක් වෙන් කළා නේද.. කෝ ඒවා..?
02:07
Video thumbnail
නාමල්ගේ සගයන් කොටුව උසාවියට එයි
00:32
Video thumbnail
නාමල් කොටුව උසාවියට
00:27
Video thumbnail
නාමල්ද, වෙන මොන රාජපක්ෂද, වික්‍රමසිංහද ඒක අදාළ නෑ අපිට - වැරදි කරපු අයට අනිවාර්යෙන් දඬුවම්
03:20
Video thumbnail
නාමල් රාජපක්ෂ 23 වැනිදා දක්වා රිමාන්ඩ්
01:04
Video thumbnail
22 එරෙහිව 24වෙනිදා මුළු රටම එකතු කරනවා පාර්ලිමේන්තු වට රවුමට - දේශපාලනය ගෙනල්ලා මේක කඩන්න එපා
08:11
Video thumbnail
මහින්දගෙන් පාඩමක් ඉගෙනගන්න - තිස්සකුට්ටිට දුමින්ද උත්තර දෙයි
05:47
Video thumbnail
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ කළු විරෝධතාව
02:18