Empty Ad
Empty Ad
AFC Banner

කතානායකගේ අධ්‍යාපන සුදුසුකම් ගැන මහින්ද දේශප්‍රියත් විමසයි (ඡායාරූප)

දස වැනි පාර්ලිමේන්තුවේ නව කතානායකවරයා ලෙස පත්ව සිටින ආචාර්ය අශෝක රන්වලගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

ඒ, පාර්ලිමේන්තුවේ ඔහු කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් එල්ල වන විවේචන හේතුවෙන්.

මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය ද මේ සම්බන්ධයෙන් සිය නිල ෆේස්බුක් ගිණුමට සටහනක් එක්කර තිබුණා.

එහිදී හිටපු සභාපති සඳහන් කර ඇත්තේ; කතානායකවරයා උපාධි හිමි බව කීවේ නම් හිමි බව සනාථ කරන ලෙසයි.

එසේ නොමැති නම් අස්වෙන ලෙස පවසා ඇති හිටපු සභාපති මහින්ද දේශප්‍රිය; එවැන්නන් නොකළ හොත් පක්ෂය විසින් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවයි.

01
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
16
+1
14
+1
123
+1
13
+1
8
+1
3
+1
22
Subscribe
Notify of
12 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?