බොරලැස්ගමුව ප්රදේශයේ පිහිටි ලැඟුම්හලකට කාන්තාවක් සමඟ පැමිණි පුද්ගලයෙක් හදිසියේ මිය යාමත් සමඟ ඔහු සමඟ පැමිණි කාන්තාව හොර රහසේ පළාගොස් ඇති බව වාර්තා වනවා.
මෙම යුවළ ඊයේ (25) දින දහවල් කාලයේ අදාළ ලැඟුම්හල වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
ඔවුන් ලැඟුම්හල වෙත පැමිණ පය කිහිපයකින් පසු කාන්තාව කෑ ගසමින් ඔවුන් රැඳී සිටි කාමරයෙන් පිටතට පැමිණ තිබෙනවා.
එලෙස කලබලයෙක් පැමිණි කාන්තාව ලැඟුම්හලේ කළමනාකරුට පවසා ඇත්තේ තමන් සමඟ පැමිණි පුද්ගලයාට අසනීප බවයි.
පසුව කළමනාකරුට එහි ගොස් බැලීමේ දී අදාළ පුද්ගලයාගේ කටින් සෙම වැගිරී තිබෙන අයුරු දැක වහාම ඔහුව රෝහල් ගත කිරීමට ත්රීරෝද රථයක් රැගෙන ඒම සඳහා ලැඟුම්හලෙන් පිටතට ගොස් තිබෙනවා.
එම අවස්ථාවේ අදාළ කාන්තාව ලැඟුම්හලෙන් පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.
අසනීප වූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වේරහැර, බෝධිරාජා පුර ප්රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි වියේ පසු වූ අයෙක්.














MODA YAKA VIAGRA GAHANNA ATHI. HIGH BLOOD PRESSURE THIYENA UN TAB EKA BEELA ITA PASSE THAMAYI OKA GAHANNA ONA. OKEN WENNE BLOOD PRESSURE EKA WADI WENA EKA WAGEMA PENIS EKE BLOOD CIRCULATE WELA PIAWENA VAINS SIHIN KARANA EKA, ETHAKOTA WADI WELAWAK ERECT WELA THIYENAWA. LELI YANAKAM PALU YANAKAM KORALA IWARAWELA HODAGANNA GIYAMA THAMAYI DENNATAMA THARU PENNE HAMA GIYA THAN WALATA WAHURA WATUNAMA. MARUNA EKA MARUNA, DAN INNA UN OKA GANNAKOTA GANNA KALIN DANNA EKEGEN AHALA BALAPALLA. WADI SOMIYATA HOYNNA GIHIN AKALAYE MARENNA EPA.