වාද්දුව සිට පින්වත්ත දක්වා දුම්රිය ගමනාගමනය එක් මංතීරුවක සීමා වෙයි

වාද්දුව දුම්රිය ස්ථානයත් පින්වත්ත දුම්රිය ස්ථානයත් අතර වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ දී දුම්රිය මාර්ගය හරහා අපරික්ෂාකාරී ලෙස කාර් රථයක් ඇතුල් කිරීමට උත්සාහ කිරීමේ දී දුම්රියේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් කාර් රථයේ සිටි එක් පුද්ගලයෙක් තුවාල ලබා පානදුර මූලික රෝහල් ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුර හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වාද්දුව දුම්රිය ස්ථානයත් පින්වත්ත දුම්රිය ස්ථානයත් අතර දුම්රිය ධාවනය එක් මංතීරුවකට සීමාකොට තිබෙනවා.

අද (02) උදෑසන 04.05ට පමණ මෙම අනතුර සිදු වී ඇති අතර අලුත්ගම සිට රඹුක්කන දක්වා ධාවනය වන මන්දගාමී දුම්රියේ මෙම කාර් රථය ගැටී තිබෙනවා .

මෙම කාර් රථයේ පුද්ගලයින් සිව් දෙනෙක් ගමන්කර ඇති බව පොලිසිය පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා රාජපක්ෂ යුගයේ තිබුණු මුරණ්ඩුකම අද JVP ආණ්ඩුවේ තියෙන්නේ
03:49
Video thumbnail
මානව හිමිකම් වෙනුවෙන් සිදුකරන මෙහෙවරට "දසත News " රන් සම්මානයෙන් පිදුම් ලබයි
07:32
Video thumbnail
නීතිය අකුරටම පිළිපදින ගැරඬියෙක්
00:34
Video thumbnail
සජිත් ආණ්ඩුවට කළ යෝජනාව - රට අවදානමට ලක් නොවන වැදගත් ආදේශකයන් අවශ්‍යයි
08:50
Video thumbnail
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සම්මානයෙන් පිදුම් ලබයි..
00:28
Video thumbnail
ලංකාවේ මිනිස්සු මේ වගේ චිත්‍රපට කවදාවත් බලලා නෑ
04:23
Video thumbnail
අධිකරණය පැලවත්තට හැරෙනවා - කරුමය ගෙවන්න වෙන්නේ ජනතාවට..අපිට පුළුවන් උපරිමය අපි කළා
01:30
Video thumbnail
ජනපති එනවා කියලා ලයිසන් තුවක්කු පොලිසියට බාරදෙන්න කියලා - මේක මහ විහිළුවක්
02:00
Video thumbnail
මරික්කාර්ගේ අභද්‍ර වචනය ගැන කළබල වෙන්න ඕනි නෑ - අපිට විපක්ෂ නායක ගැන විශ්වාසයි
03:40
Video thumbnail
"ඉතිහාසයේ කවදාවත් නොවුණු පුදුමාකාර දෙයක් වෙලා තියෙන්නේ"
00:22