spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කඩ 04ක් එක පෙළට ගිනි ගනියි

කාත්තන්කුඩි පොලිස් වසමේ ආරියම්පති ප්‍රදේශයේ මඩකලපුව – කල්මුණේ මාර්ගයේ පිහිටි නිමි ඇඳුම් වෙළෙඳසැලක්, පරණ බඩු වෙළෙඳසැලක්, පලතුරු වෙළෙඳසැලක් හා වාහන ගරාජයක් ඇති වූ හදිසි ගින්නකින් එම වෙළෙඳසැල් විනාශ වී තිබෙනවා.

කඩ පේළියක් ගිනි ගන්නා බවට පොලිසියට ලැබුණු පණිවිඩයක් මතයි මේ වනවිට කාත්තන්කුඩි පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත්තේ.

ඊයේ රාත්‍රී කාලයේ දී මෙම ගිනි ගැනීම සිදු ව ඇති අතර, ගින්න නිවා දැමීමට පොලිසිය, මඩකලපුව මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කළා.

නමුත් ගින්නෙන් විශාල දේපොළ හානියක් සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් කිසිදු තුවාලයක් හෝ ජීවිත හානියක් සිදු ව නැහැ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ගින්නෙන් සිදු වූ අලාභය ද තක්සේරු කර නැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?