කඩවත මෙට්‍රෝ සිටි ව්‍යාපෘතියෙන් රුපියල් මිලියන 2121 වැඩි වංචාවක්

සීමාසහිත ගම්පහ සංවර්ධන (පුද්ගලික) සමාගම විසින් සණස ව්‍යාපාරය කළමනාකරණය කරනු ලබන ව්‍යාපෘතියක් බවට හඟවමින් කඩවත මෙට්‍රෝ සිටි (Metro city ) නිවාස හා වෙළඳ සැල් ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 83 ක පොදු දේපළ සහ රුපියල් මිලියන 2121ක පාරිභෝගික දේපළ වංචා කිරීමක් සිදුකර ඇතැයි මගෙන් රටට සංවිධානය චෝදනා කරයි.

ගම්පහ උසාවි පාරේ සණස චතුරස්‍රයේ සිය කාර්යාලය පවත්වාගෙන යන සීමාසහිත ගම්පහ සංවර්ධන (පෞද්ගලික) සමාගම විසින් කඩවත කිරිල්ලවල ප්‍රදේශයේ මෙට්‍රෝ සිටි  (Metro city ) වෙළඳ සංකීර්ණයේ සහ නිවාස සංකීර්ණයේ වෙළඳසැල් හා නිවාස ලබා දෙන බවට පොරොන්දු වී 2013 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා රුපියල් මිලියන 1564ක් පමණ ගැනුම්කරුවන්ගෙන් ලබාගෙන එම වෙළෙඳසැල් සහා නිවාස වල අයිතිය අදාල ගැනුම්කරුවන්ට භාර නොදී මුදල් වංචනිකව අය කරගෙන එකී දේපල ලංකා බැංකුවට උකස් තබා ලබාගත් මිලියන 557 කට ආසන්න ණය මුදල ගෙවීම ද වෙළඳ සැල් සහ නිවාස වල අයිතියක් නොලද ගැනුම්කරුවන්ගේ වගකීමක් බවට මේ වන විට පත්කර ඇතැයි මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා පවසයි .

ප්‍රශ්නගත සමාගම විසින් අදාළ ව්‍යාපෘතිය සණස ව්‍යාපාරය විසින් කළමනාකරණය වන්නක් බව ගැනුම්කරුවන්ට නොයෙක් ආකාරයෙන් හගවමින් ගැනුම්කරුවන් මුලා කර ඇතැයි පවසන මගෙන් රටට සංවිධානය වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙම දේපළ මිලදී ගැනීම් සඳහා සණස බැංකුවෙන් ණය මුදලක්ද සූදානම් කර දිය හැකි බවට සමාගම ගැනුම්කරුවන්ට පවසා ඇති බවත් වැඩ බිමේ සේවකයන් සහා ‍ ප්‍රධාන කාර්යාලයේ සේවය කළ අය ද ගැනුම්කරුවන්ට ගම්පහ සංවර්ධන සමාගම යනු සණස ට අනුබද්ධ ආයතනයක් බවට පවසා ඇති බවයි.

 එමෙන්ම මගෙන් රටට සංවිධානය පවසා සිටින්නේ ගම්පහ සංවර්ධන සමාගමේ සභාපති ලලිත ජයසූරිය නැමැත්තා සණස දිස්ත්‍රික් සංගමයේ සභාපති වූයෙන් ගම්පහ සංවර්ධන සමාගම යනු සණස ට අනුබද්ධ ආයතනයක් බවට ගැනුම්කරුවන්ට ඒත්තු ගන්වා මුලා කිරීම පහසු වී ඇති බවකි . නමුදු නෛතික වශයෙන් ගම්පහ සංවර්ධන සමාගම සහ සණස අතර කිසිදු සම්බන්ධයක් තිබී නොමැත.

වෙළඳසැල් හා නිවාස  සියයකට වැඩි සංඛ්‍යාවක් විකිණීමේ ගිවිසුම් ඇතිව සහා  නැතිව 2013/ 01/18 වන දින සිට ගැනුම්කරුවන්ට විකුණනු ලැබීමෙන් පසුව අදාල ගැනුම්කරුවන්ට නොදන්වා ඔවුන්ගේ එකඟතාවයකින් තොරව  2017/09/13 වන දින ගම්පහ සංවර්ධන සමාගම විසින් මෙම ව්‍යාපෘතිය රුපියල් මිලියන 500 කට ආසන්න මුදලකට ලංකා බැංකුවට උකස් කර පසුව නැවත එම මුදල රුපියල් මිලියන 650 ක් දක්වා වැඩි කිරීමට උත්සාහ ගෙන ඇත.

මෙම උකසේ එකදු ණය වාරිකයක්  සමාගම විසින් ලංකා බැංකුවට මේ වන තෙක් ගෙවා නොමැති අතර අදාළ ණය මුදල වසර පහක් තුළ ගෙවා නිම කළ යුතුව තිබූ බැවින් 2022 සැප්තැම්බරයේදී මෙම ව්‍යාපෘතිය ලංකා බැංකුවට සින්න වනු ඇත. කිසිම ගැණුම්කරුවෙකු ට මෙම සමාගම එකම සින්නක්කර ඔප්පුවක් හෝ  විකිණීමේ ගිවිසුමක් වත් ලබා දී නොමැති වීමෙන් ගැනුම්කරුවන්ගේ මුදල් ඔවුන්ට අහිමි කර හිතා මතා වංචාවකට ලක් කිරීමට කටයුතු කර ඇතැයි මගෙන් රටට සංවිධානය චෝදනා නගයි.  තවද මෙය  උකස් තබා ඇති දේපලක් බවට සමාගම විසින් ගැනුම්කරුවන්ට සඟවමින් ලංකා බැංකුවට උකස් තැබීමෙන් පසුව ද නොවිකිණූ කොටස් විකිණීම සමාගම විසින් දිගින් දිගටම කරගෙන ගොස් ඇත.

 සමාගම විසින් ලබාදෙන ලද නිවාස හිමියන්ගේ සහ වෙළඳසැල් හිමියන් ගේ ලැයිස්තුවට අනුව සියලුම වෙළඳසැල් හා නිවාස විකිණීමෙන් අපේක්ෂිත ආදායම රුපියල් 2,121,766,326/- කි.එම මුදලින් රුපියල් 1,564,940,213/- ක් එනම්, 73% ක් පමණ දැනටමත් එකතු කරගෙන තිබුණ ද ව්‍යාපෘතියේ 50% කට වඩා ඉදිකිරීම් වැඩ නිම කර නොමැති බවත් ‍මෙට්‍රෝ ව්‍යාපෘතිය මිලියන 650 කට බැංකුවට උකස් කොට රුපියල් මිලියන 557 කට ආසන්න මුදලක් සමාගම විසින් ලබා ගත්තද ඒ මුදලින් ද කළ ඉදි කිරීමක්  පෙනෙන්නට නොමැති බවත් ගැනුම්කරුවන්ගෙන් ලබා ගත් මුදලින් හෝ බැංකු ණය මුදලින් කරන ලද ඉදිකිරීමක් නොපෙනීමට හේතුව එම මුදල් කිසිවකු විසින් වංචා කර තිබීම    බවට මගෙන් රටට සංවිධානය වැඩිදුරටත් පැවසීය.

මෙම ගම්පහ සංවර්ධන සමාගමේ ප්‍රාග්ධනය රැස් කර ගෙන ඇත්තේ පොදු දේපළ අවභාවිතා කිරීමෙනි.  පොදු දේපළ ගණයට වැටෙන සකසුරුවම් හා ණය ගනුදෙනු පිළිබඳ සමුපකාර සමිති 24 කට අයත් මුදල් යොදවා මෙම සමාගමේ රුපියල් 10 කොටස් මිල දී ගත් බවට කොටස් හිමිකරුවන්ගේ ලේඛනයන්ගෙන් පෙනී යයි. මෙම එක් සමිතියකට අයත් මුදල් රුපියල් මිලියන 646 ක් අවභාවිත කළ බවට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම සමාගමට විරුද්ධව මේ වන විට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක්ද ගොනුකර ඇතැයි මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා පවසයි.

ගම්පහ සංවර්ධන සමාගම යනු සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි කොට ඇති සීමාසහිත පෞද්ගලික සමාගමක් වන අතර එය පාලනය කරනු ලබන්නේ ලලිත් ජයසූරිය යන අයත් ඔහු විසින් ම පත් කරගන්නා ලද අධ්‍යක්ෂක මණ්ඩලයක්  විසිනි. මෙම සමාගම විසින් මේ ආකාරයට පොදු දේපළ යොදා ගෙන පෞද්ගලික සමාගමක් ආරම්භ කරමින් පොදු දේපළ හා රුපියල් මිලියන 2121ක පාරිභෝගික දේපල මේ වන විට වංචා කිරීම පිළිබඳව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා දැනුවත් කළද මේ සම්බන්ධව මේ වන තෙක්  නිසි පියවර ගෙන නොමැති බවට මගෙන් රටට සංවිධානය චෝදනා කර සිටී

WhatsApp Image 2022 05 12 at 1.25.24 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
5
හම්මෝ !
5
මාර දුකයි !
14
මලපනිනව !
20
කුජීතයි !
7
spot_img
Subscribe
Notify of
17 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?