සීමාසහිත ගම්පහ සංවර්ධන (පුද්ගලික) සමාගම විසින් සණස ව්‍යාපාරය කළමනාකරණය කරනු ලබන ව්‍යාපෘතියක් බවට හඟවමින් කඩවත මෙට්‍රෝ සිටි (Metro city ) නිවාස හා වෙළඳ සැල් ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 83 ක පොදු දේපළ සහ රුපියල් මිලියන 2121ක පාරිභෝගික දේපළ වංචා කිරීමක් සිදුකර ඇතැයි මගෙන් රටට සංවිධානය චෝදනා කරයි.
ගම්පහ උසාවි පාරේ සණස චතුරස්‍රයේ සිය කාර්යාලය පවත්වාගෙන යන සීමාසහිත ගම්පහ සංවර්ධන (පෞද්ගලික) සමාගම විසින් කඩවත කිරිල්ලවල ප්‍රදේශයේ මෙට්‍රෝ සිටි (Metro city ) වෙළඳ සංකීර්ණයේ සහ නිවාස සංකීර්ණයේ වෙළඳසැල් හා නිවාස ලබා දෙන බවට පොරොන්දු වී 2013 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා රුපියල් මිලියන 1564ක් පමණ ගැනුම්කරුවන්ගෙන් ලබාගෙන එම වෙළෙඳසැල් සහා නිවාස වල අයිතිය අදාල ගැනුම්කරුවන්ට භාර නොදී මුදල් වංචනිකව අය කරගෙන එකී දේපල ලංකා බැංකුවට උකස් තබා ලබාගත් මිලියන 557 කට ආසන්න ණය මුදල ගෙවීම ද වෙළඳ සැල් සහ නිවාස වල අයිතියක් නොලද ගැනුම්කරුවන්ගේ වගකීමක් බවට මේ වන විට පත්කර ඇතැයි මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා පවසයි .
ප්‍රශ්නගත සමාගම විසින් අදාළ ව්‍යාපෘතිය සණස ව්‍යාපාරය විසින් කළමනාකරණය වන්නක් බව ගැනුම්කරුවන්ට නොයෙක් ආකාරයෙන් හගවමින් ගැනුම්කරුවන් මුලා කර ඇතැයි පවසන මගෙන් රටට සංවිධානය වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙම දේපළ මිලදී ගැනීම් සඳහා සණස බැංකුවෙන් ණය මුදලක්ද සූදානම් කර දිය හැකි බවට සමාගම ගැනුම්කරුවන්ට පවසා ඇති බවත් වැඩ බිමේ සේවකයන් සහා ප්‍රධාන කාර්යාලයේ සේවය කළ අය ද ගැනුම්කරුවන්ට ගම්පහ සංවර්ධන සමාගම යනු සණස ට අනුබද්ධ ආයතනයක් බවට පවසා ඇති බවයි.
එමෙන්ම මගෙන් රටට සංවිධානය පවසා සිටින්නේ ගම්පහ සංවර්ධන සමාගමේ සභාපති ලලිත ජයසූරිය නැමැත්තා සණස දිස්ත්‍රික් සංගමයේ සභාපති වූයෙන් ගම්පහ සංවර්ධන සමාගම යනු සණස ට අනුබද්ධ ආයතනයක් බවට ගැනුම්කරුවන්ට ඒත්තු ගන්වා මුලා කිරීම පහසු වී ඇති බවකි . නමුදු නෛතික වශයෙන් ගම්පහ සංවර්ධන සමාගම සහ සණස අතර කිසිදු සම්බන්ධයක් තිබී නොමැත.
වෙළඳසැල් හා නිවාස සියයකට වැඩි සංඛ්‍යාවක් විකිණීමේ ගිවිසුම් ඇතිව සහා නැතිව 2013/ 01/18 වන දින සිට ගැනුම්කරුවන්ට විකුණනු ලැබීමෙන් පසුව අදාල ගැනුම්කරුවන්ට නොදන්වා ඔවුන්ගේ එකඟතාවයකින් තොරව 2017/09/13 වන දින ගම්පහ සංවර්ධන සමාගම විසින් මෙම ව්‍යාපෘතිය රුපියල් මිලියන 500 කට ආසන්න මුදලකට ලංකා බැංකුවට උකස් කර පසුව නැවත එම මුදල රුපියල් මිලියන 650 ක් දක්වා වැඩි කිරීමට උත්සාහ ගෙන ඇත.
මෙම උකසේ එකදු ණය වාරිකයක් සමාගම විසින් ලංකා බැංකුවට මේ වන තෙක් ගෙවා නොමැති අතර අදාළ ණය මුදල වසර පහක් තුළ ගෙවා නිම කළ යුතුව තිබූ බැවින් 2022 සැප්තැම්බරයේදී මෙම ව්‍යාපෘතිය ලංකා බැංකුවට සින්න වනු ඇත. කිසිම ගැණුම්කරුවෙකු ට මෙම සමාගම එකම සින්නක්කර ඔප්පුවක් හෝ විකිණීමේ ගිවිසුමක් වත් ලබා දී නොමැති වීමෙන් ගැනුම්කරුවන්ගේ මුදල් ඔවුන්ට අහිමි කර හිතා මතා වංචාවකට ලක් කිරීමට කටයුතු කර ඇතැයි මගෙන් රටට සංවිධානය චෝදනා නගයි. තවද මෙය උකස් තබා ඇති දේපලක් බවට සමාගම විසින් ගැනුම්කරුවන්ට සඟවමින් ලංකා බැංකුවට උකස් තැබීමෙන් පසුව ද නොවිකිණූ කොටස් විකිණීම සමාගම විසින් දිගින් දිගටම කරගෙන ගොස් ඇත.
සමාගම විසින් ලබාදෙන ලද නිවාස හිමියන්ගේ සහ වෙළඳසැල් හිමියන් ගේ ලැයිස්තුවට අනුව සියලුම වෙළඳසැල් හා නිවාස විකිණීමෙන් අපේක්ෂිත ආදායම රුපියල් 2,121,766,326/- කි.එම මුදලින් රුපියල් 1,564,940,213/- ක් එනම්, 73% ක් පමණ දැනටමත් එකතු කරගෙන තිබුණ ද ව්‍යාපෘතියේ 50% කට වඩා ඉදිකිරීම් වැඩ නිම කර නොමැති බවත් මෙට්‍රෝ ව්‍යාපෘතිය මිලියන 650 කට බැංකුවට උකස් කොට රුපියල් මිලියන 557 කට ආසන්න මුදලක් සමාගම විසින් ලබා ගත්තද ඒ මුදලින් ද කළ ඉදි කිරීමක් පෙනෙන්නට නොමැති බවත් ගැනුම්කරුවන්ගෙන් ලබා ගත් මුදලින් හෝ බැංකු ණය මුදලින් කරන ලද ඉදිකිරීමක් නොපෙනීමට හේතුව එම මුදල් කිසිවකු විසින් වංචා කර තිබීම බවට මගෙන් රටට සංවිධානය වැඩිදුරටත් පැවසීය.
මෙම ගම්පහ සංවර්ධන සමාගමේ ප්‍රාග්ධනය රැස් කර ගෙන ඇත්තේ පොදු දේපළ අවභාවිතා කිරීමෙනි. පොදු දේපළ ගණයට වැටෙන සකසුරුවම් හා ණය ගනුදෙනු පිළිබඳ සමුපකාර සමිති 24 කට අයත් මුදල් යොදවා මෙම සමාගමේ රුපියල් 10 කොටස් මිල දී ගත් බවට කොටස් හිමිකරුවන්ගේ ලේඛනයන්ගෙන් පෙනී යයි. මෙම එක් සමිතියකට අයත් මුදල් රුපියල් මිලියන 646 ක් අවභාවිත කළ බවට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම සමාගමට විරුද්ධව මේ වන විට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක්ද ගොනුකර ඇතැයි මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා පවසයි.
ගම්පහ සංවර්ධන සමාගම යනු සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි කොට ඇති සීමාසහිත පෞද්ගලික සමාගමක් වන අතර එය පාලනය කරනු ලබන්නේ ලලිත් ජයසූරිය යන අයත් ඔහු විසින් ම පත් කරගන්නා ලද අධ්‍යක්ෂක මණ්ඩලයක් විසිනි. මෙම සමාගම විසින් මේ ආකාරයට පොදු දේපළ යොදා ගෙන පෞද්ගලික සමාගමක් ආරම්භ කරමින් පොදු දේපළ හා රුපියල් මිලියන 2121ක පාරිභෝගික දේපල මේ වන විට වංචා කිරීම පිළිබඳව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා දැනුවත් කළද මේ සම්බන්ධව මේ වන තෙක් නිසි පියවර ගෙන නොමැති බවට මගෙන් රටට සංවිධානය චෝදනා කර සිටී












I am representing Gampaha Development Company (Private) Limited. Most of
the information in this article is factually incorrect and misleading.You have obviously not checked the facts with us or the Bank of Ceylon. Pls send me your contact details so that I may be able to respond to your ridiculous allegations in full immediately. Thank you.
If those details are false why don’t you provide so-called “correct” info to said Mr. Mahawththa
Gampaha Development Company is one of the most corrupted Companies. Best crooks in Gampaha. Why don’t you come to a discussion with our Metro association Anil. I don’t feel like call you Mr. Very soon we will come in numbers and surround your office demanding our stolen money.Be prepared . We will catch all of you !
Mr Samarasinghe we have been waiting for almost 9 years for this project to finish , but GDC didn’t deliver this project as they promised and now you have mentioned we didn’t check facts with your organisation and with BOC any idiot will know you couldn’t finish it because you didn’t manage finances properly and because your leaders are corrupted , if you are representing GDC go and do your job and finish this project rather than wasting ur time commenting on these articles.
Mr Anil samarasinghe, We are waiting for your kind response and the truth of the matter. You can publish real situation of the matter or proceed with leagal action against the above association for insult. Don’t try to fool the people.
Anil Samarasinghe is another crook and an agent of rogue Lalitha Jayasooriya in GDC. If you are so genuine at least reveal your plan to complete the project and your financial ability to so.
මගෙන් රටට සංවිධානයේ සංජය මහවත්ත මහතා ඉදිරිපත් කර ඇති කරුණු නිවැරදියි. ගම්පහ සංවර්ධන සමාගම කියන්නේ නීතියට අනුකූල නොවන විදියට හදා ගත්තු වංචනික සමාගමක්. ඒකේ ලොක්කා මුදල් වංචා වලට හිර ගෙදර ලගිනවා. මම අභියෝග කරනවා අනිල් සමරසිංහට පුලුවන් නම් කියන්න ඔයාට පඩි ගෙවන්නේ මොන ගිණුමෙන්ද? ඒ ගිණුමට සල්ලි දාන්නේ කවුද? සමාගම බංකොලොත්. ආදායම බින්දුවයි. අපෙන් හොරකම් කරපු සල්ලි හොර ගිණුමක තියාගෙන ඔතන ඉන්න එවුන් අවුරුදු පහක් තිස්සේ පිං පඩි ගන්නවා. ඔයිට වඩා හොඳයි ඔය කොම්පැනිය ඉස්සරහා ලේන්සුවක් එලා ගෙන හිඟා කනවා.
අනිල් සමරසිංහ මහතා,
කියන්න ඕන හැමදෙයක්ම වගේ මේ කමෙන්ට් වල කියලා තියෙනවා .වසර නනවයක් තිස්සේ නොතිබුණු උවමනාවක් දැන් ඔබට තිබෙනවා නම් අපේ ගෙවල් අපිට දෙන්න.තව දුරටත් අපේ මුදල් වලින් වැටුප් ලබමින් නිකමෙක් ලෙස සිටීම ලජ්ජාවට කරුනක් .
ජනතාවගේ මුදල් කොල්ල කෑ ලලිත ජයසූරිය ඇතුලු හොර නඩය දේසපාලුවන්ගේ ආශීර්වාදය ඇතිව තාමත් වැජබෙයි.මුන්ට වැසි නැති හෙන වැදේවි දවසක…..
Gampaha Development Company is a corrupted Company . Regulators must listen to the grievance by the victimised public and initiate actions against those rogues soon
සණස අපට කල වංචාවට දඬුවම් දියයුතුයි .
2022.02.25 දින අනිල් සමරසිංහම අත්සන් කරපු ලිපියකින් ගත් පහත දැක්වෙන ඡේද තුනෙන් මෙට්‍රෝ සිටියට වෙච්ච දේ පැහැදිලි වෙනවා.
“1) ආයතනයේ ඉහළ නිලධාරීන් විසින් කූට ලෙස හොඳම කඩ කාමර රාශියක්
තමන්ගේ හෝ තමන්ගේ ඤාති හිතවතුන්ගේ නමට ඉතා සුලු අත්තිකාරමක් ගෙවා
වෙන් කර ගැනීම
2) ආයතනයේ ඉහළ කළමනාකාරිත්වය සහ ඔවුන්ගේ ඤාති හිතවතුන් කිසිම මුදල්
ගෙවීමකින් තොරව කූට ලේඛන සකසා දේපල අත්පත් කර ගැනීමට උත්සාහ කිරීම
3) විවිධ හේතූන් මත සණස සමිති රාශියකට කඩ කාමර හා නිවාස වෙන් කර ඇතත්
ඒවායේ නීත්යානුකූල භාවය සැකයට භාජනය වීම”
ලංකාවේ තියෙන මීට වඩා වංචනික සමාගමක් ගැන අනිල් සමරසිංහ දන්නවා නම් අපට කියන්න.
මෙම තොරතුරු වැරදී නම් එය අභියෝගයට ලක්කර නීතිමය පියවර ගන්න.
අනිල් සමරසිංහ,
මිනිස්සුන්ගෙ සල්ලි මංකොල්ල කාලා කිසිම හිරිකිතයක් නැතිව බොරු කියන්නත් එනවා. අවුරුදු ගණනාවක් තිස්සෙ මුදල් හෝ ගොඩනැගිල්ල ලබා නොදී නොයෙකුත් තනතුරු දරණ නොයෙක් නම් වලින් පෙනී සිටිමින් කරන නාටක නවත්වා වහාම අපේ මුදල් පොලිය සමගම ලබා දීමට හෝ අදාල ගොඩනැගිල්ල ලබා දීමට පියවර ගන්න. අපි රැවටුණා හොඳටම ඇති.
සණස අපට කල වංචාවට දඬුවම් දියයුතුයි
මෙවැනි නීච අධර්මිෂ්ඨයින්ට යෑමට වෙනම අපායවල් හදන්න ඕන.
අනිල් සමරසිංහට පුලුවන්ද පහත දැක්වෙන ගෙවල් ගත්තු අය බැංකුවට මුදල් ගෙවාපු රිසිට් පත් ඉදිරිපත් කරන්න?
A 9 නිවස S.M.A. J.I. මංචනායක
A 40 නිවස S.M.A. V.K. මංචනායක
B 26 නිවස S.M.A. B.G. මංචනායක
B 27 නිවස S.M.A. B.G. මංචනායක
B 40 නිවස S.M.A. T.K. මංචනායක
C 39 නිවස S.M.A. K.K. මංචනායක
මංචනායක තමයි මෙට්‍රෝ ව්‍යාපෘතිය භාරව වැඩ කරපු ගම්පහ සංවර්ධන සමාගමේ නිලධාරියා. සමාගමේ උපදේශක. මුදල් අංශය භාර ප්රධානියා. මේවට සල්ලි ලැබුණේ නැහැ. ඉලක්කම් විජ්ජා වලින් තමයි අපේ සල්ලි වලින් හදාපු ගෙවල් මුන් අයිති කර ගත්තේ.