මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවකට අදාළව ජාතික පක්ෂයේ නියෝජ්ය මහ ලේකම් හරීන් ප්රනාන්දු අද (20) බදුල්ල මහේස්ත්රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමට පැමිණියා.
2024 මහ මැතිවරණ සමයේ මැතිවරණ ප්රචාරක කටයුතු අවසන් කිරීමට නියමිතව තිබූ දින දහවල් කාලයේ බදුල්ල නගරයේදී මැතිවරණ නීති උල්ලංඝනය වන පරිදි පෙළපාලියකින් ගමන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබෙනවා.
අදාළ සිදුවීමට සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාදීම සඳහා 2024 නොවැම්බර් මස 20 වන දින බදුල්ල මූලස්ථාන පොලීසිය වෙත පැමිණි අවස්ථාවේ දී ඔහුව අත්අඩංගුවට ගැනුණු.
අනතුරුව බදුල්ල මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත ඔහු මුදාහැරීමට නියෝග කළ අතර, එම නඩුව අද (20) දිනයේ යළි කැඳවනු ලැබුවා.
