ශ්‍රී ලංකාව සමඟ ගාල්ලේ දී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 414ක් රැස් කළා.
ඒ, ශ්‍රී ලංකාව පළමු ඉනිමට රැස්කළ ලකුණු 257ට පිළිතුරු වශයෙන්.
ඒ, අනුව ඕස්ට්‍රේලියානු පළමු ඉනිම ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 157ක් ඉදිරියෙන් සිටිනවා.
ඕස්ට්‍රේලියානු පළමු ඉනිම වෙනුවෙන් ස්ටීවන් ස්මිත් ලකුණු 131ක් සහ ඇලෙක්ස් කේරි ලකුණු 156ක් රැස් කළා.
පන්දු යැවීමේ දී දඟ පන්දු යවන්නන් අතරේ ඕස්ට්‍රේලියානු පළමු ඉනිමේ කඩුලු සියල්ල බෙදී ගියා.
ඒ, අනුව ප්‍රභාත් ජයසූරිය කඩුලු 05ක්, නිශාන් පීරිස් කඩුලු 03ක් සහ රමේෂ් මෙන්ඩිස් කඩුලු 02ක් බිඳ දැමුවා.
ගාලේ දී පැවැත්වෙන මෙම තරගයේ තුන්වන දිනය අදයි.