එස්.එම්ට මහාධිකරණයේ පෙනී සිටින ලෙස නියෝගයක්

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටින හිටපු ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය හා විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ලෙස කටයුතු කළ එස්.එම්. චන්ද්‍රසේනට මහාධිකරණයේ අධි චෝදනා ගොනු කළ බව අල්ලස් කොමිසම අද (28) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්.බෝදරගම හමුවේ දන්වා සිටියා.

සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ දී අල්ලස් කොමිසම විසින් මෙලෙස දන්වා සිටියා.

වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වූ අල්ලස් කොමිස පවසා සිටියේ මෙම සැකකරුට එරෙහිව මේ වනවිට මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර ඇති බැවින් මෙම අධිකරණයේ නඩු කටයුතු අවසන් කරන බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නියමිත දින මහාධිකරණයේ පෙනී සිටින ලෙස සැකකරුට නියෝග කළා.

සැකකරු අද (28) විවෘත අධිකරණයේ පෙනී සිටියා.

2014 වර්ෂයේ දී අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන්ට සහනදායි මිලට ලබා දීම සඳහා රජයේ රුපියල් මිලියන 25ක වියදමින් ගෙන්වන ලද බීජ බඩ ඉරිඟු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන්ට බලපෑම් කරමින් 2015 ජනාධිපතිවරණයට වාසි ලබා ගැනීමේ අරමුණින් තම දේශපාලන හිතවතුන් මඟින් බෙදාදීම තුළින් රජයට පාඩුවක් සිදු කිරීමේ චෝදනවා මත සැකකරාර හිටපු ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය හා විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ලෙස කටයුතු කළ එස්.එම්. චන්ද්‍රසේන පසුගිය ජුලි 04 වැනිදා අල්ලස් කොමිසම විසික් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40