එක් පක්ෂයකට ඡන්ද දෙන්න යැයි තැපැල් ඡන්ද මධ්‍යස්ථානයකින් බලපෑම්

දෙවැනි දිනටත් අද (01) පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ඉතා සාමකාමී ව දිවයිනේ මැතිවරණ කොට්ඨාස 22ක් පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන අතර අද දිනයේ දී මෙතෙක් එක් පැමිණිල්ලක් පමණක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ලැබී ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා.

විධායක අධ්‍යක්ෂවරයා පවසන්නේ එක් ඡන්ද මධ්‍යස්ථානයක මැතිවරණ කටයුතු භාර ව සිටින නිලධාරීන් විසින් ඡන්දදායකයින් හට එක් පක්ෂයකට ඡන්දය ලබාදෙන ලෙසට බලපෑම් කර ඇති බවයි.

මෙම සිදුවීම් ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි තැපැල් ඡන්ද මධ්‍යස්ථානයකින් වාර්තා වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානය විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම්දෙනු ලැබූ බවයි වාර්තා වන්නේ.

මේ අතර මේ දක්වා මැතිවරණ පැමිණිලි 1142ක් වාර්තා වී ඇති බවත් ඒවා ප්‍රචණ්ඩකාරී නොවන පැමිණිලි බවත් පැවසෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
2
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අරුණ ජයසේකරගෙන් ජාවාරම්කරුවන්ට සැර සත්තමක්.."මේවාගෙන් ඉවත් වෙන්න..කිසිම ගැලවීමක් නෑ"
04:11
Video thumbnail
දික්ඕවිට වරායට ගෙනා ධීවර යාත්‍රාවල තිබූ දේ නි.ආරක්ෂක ඇමති හෙළිකරයි..600kgකට අධික ප්‍රමාණයක්
07:45
Video thumbnail
කොහොමද ආයුධ ටික දැක්කමත් පුදුමයිනේ ?පොලිස්පති, අරුණ ජයසේකර, නාවික හමුදාපතිත් ඇවිත්
02:13
Video thumbnail
දකුණු මුහුදේ ඇල්ලූ ආයුධ තොගය විවෘත කර බලන හැටි..යාත්‍රා පරීක්ෂා කිරීමට නාවික හමුදාපතිත් එයි
02:15
Video thumbnail
පිටකොටුවේ මුදලාලි කෙනෙක්ට දීලා ගෙදර යන්න..එයාලා හොඳට කරයි l Tissa Attanayake
06:49
Video thumbnail
අනුර දැන් යන්න ලෑස්ති වෙන්න - ගෝඨාට වුණ දේ අනුරටත් වෙනවා
08:26
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද අගමැති හරිනි යළි දිවයිනට ආ හැටි
00:40
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද අගමැති හරිනි යළි දිවයිනට ආ හැටි
01:04
Video thumbnail
ආයුධ සහ මත්ද්‍රව්‍ය සමඟ ඇල්ලූ යාත්‍රාව දික්ඕවිට වරායට
02:30
Video thumbnail
පාසල් ක්‍රීඩා සෙල්ලම් කරන දරුවන්ට විශේෂ දැනුම්දීමක්
10:52