ඌව පළාත හා මධ්යම පළාත ඉලක්ක කරගනිමින් සිදුකර ගෙන මහා පරිමාණ මත්ද්රව්ය ජාවාරමක් වැටලීමට කැප්පෙටිපොල පොලීසිය සමත්ව තිබෙනවා.
එහිදී රුපියල් කෝටියට ආසන්න වටිනාකමකින් යුත් අලෙවියට සකසා තිබූ පැකට් 1000ක අඩංගු හෙරොයින් ග්රෑම් 225ක් සහ අයිස් ග්රෑම් 120ක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණා.
මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි තලවකැලේ ප්රදේශයේ පදිංචි යුවලක් ඌව පරණගම, අඔගස්දෝව ප්රදේශයේදී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ ඔස්සේ සිදු කරන ලද විමර්ශනයේදී මෙම ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයන් 05 දෙනෙක් අනාවරණය කරගෙන ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි පොලිසිය සන්ධාන කළේ.
මෙලෙස අතදන්ගුව්ටා ගනු ලැබූ සැකකරුවන් වයස අවුරුදු 24-35 අතර වයසේ පසුවන ගල්කිස්ස, ගාල්ල, මාතර, මොරටුව යන ප්රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.
මීට අමතරව මෙම විමර්ශනයේදී මත්ද්රව්ය භාවිත කිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් 05 දෙනෙකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව සමස්ත මෙහෙයුමේදී අත් අඩංගුවට ගත් මුළු සැකකරුවන් ප්රමාණය 12ක්.
ජාවාරම්කරුවන් පිරිස කුලී රථ ධාවකයන් ලෙස පෙනී සිටිමින් ලැගුම්හල් වල සිට මෙම ජාවාරම සිදුකර ගෙන ගොස් ඇති අතර මෙහිදී මත්දුව්ය ජාවාරමට යොදාගත් යතුරුපැදි දෙකක්, මෝටර් රථයක් හා ත්රිරෝද රථ දෙකක් මෙන්ම ජංගම දුරකථන දහයක් ද පොලීසිය මගින් සිය භාරයට ගෙන තිබෙනවා.
