උපන් දිනයට එයා කාර් එකක් තෑගි දුන්නා

මේ වෙද්දී පුංචි තිරය තුළින් ආදරය දිනා ගන්නට සමත් වුණු රංගන ශිල්පිනියක් තමයි චතු රාජපක්ෂ කියන්නේ. ඉතාමත් කෙටි කාලයක් තුළ රංගන ක්ෂේත්‍රයේ මතකයේ හිටින චරිත කිහිපයක්ම කරන්න චතු වාසනාවන්ත වෙලා තියෙනවා.

චතු මුලින්ම කලාවට එන්නේ කොයි කාලෙද?

2016 දී තමා මම කලාවට එන්නේ. පසුව 2018 දී මම රියැලිටි තරගයක් සඳහා සහභාගි වෙලා ඉදිරියට ආවා. මම නිරූපණ ශිල්පිනියක් විදියට හිටියා. ඒ වගේම දැන් ප්‍රවෘත්ති නිවේදිකාවක් සහ රංගන ශිල්පිනියක් වෙලා ඉන්නවා. ඉතින් දැන් මේ ඉන්න තැන ගැන තෘප්තිමත්.

වැඩියෙන්ම කැමති චතුව කොහොම හඳුන්වනවටද?

මම නිරූපණ ශිල්පිනියක් විදියට හඳුන්වනවාට නම් කැමති නැහැ. මොකද මම ඉතාම කෙටි කාලයක් පමණයි නිරූපණ ක්ෂේත්‍රය තුළ හිටියේ. දීර්ඝ කාලීනව මම ප්‍රවෘත්ති නිවේදිකාවක් විදියට කටයුතු කළා. දැන් මේ තියෙන කාර්යබහුල ජීවිතය නිසා ප්‍රවෘත්තිවලින් මඳකට ඈත්වෙලා රංගනයට මුල් තැන දීලා තියෙනවා. නමුත් මම කැමතියි ප්‍රවෘත්ති කියන රංගන ශිල්පිනියක් විදියට හඳුන්වනවාට.

සිනමාව ගැන කතා කළොත්…

මේ වෙද්දී මම චිත්‍රපට තුනක රඟපාලා තියෙනවා. එකක් වී. සිවදාසන් මහතා අධ්‍යක්ෂණය කළ ‘පාටක් නැති ආදරයක්’. ඒක කළේ 2016. මම මුලින්ම රංගනයට එන්නේ ඒ චිත්‍රපටය තුළින්. ඊට පස්සේ සුරංග අල්විස් අයියා කරපු ‘කිඩ්නැප්’ චිත්‍රපටය සහ ‘ද ගේම්’ චිත්‍රපටයේ රඟපෑවා. ද ගේම් හි මම කරන්නේ ප්‍රධාන චරිතය. මගේ අයියා විදියට රන්ජන් රාමනායක සහ මගේ පෙම්වතා විදියට ජනිත් වික්‍රමගේ රඟපෑවා. ඉතින් මම හිතනවා බොහොම ඉක්මනින් රිදී තිරයේත් මාව දැක බලා ගන්න පුළුවන් වෙයි.

චතු කලාවට එනවට ගෙදරින් කැමැත්තක් තිබුණද?

නැහැ. කිසිම කෙනෙක් කැමති වුණේ නැහැ. මොකද අද සමාජයේ රංගන ශිල්පිනියකට තියෙන තැන ඇත්තටම සතුටු වෙන්න බැහැනේ. නිළියක් කිව්වම ඒ දිහා බලන කෝණය හරි වෙනස් නිසා කවුරුත් මම නිළියක් වෙනවට කැමති වුණේ නැහැ.

මෙතෙක් ලැබුණු චරිත අතරේ චතුට අභියෝගයක් වුණු චරිතය මොකක්ද?

මේ දවස්වල විකාශය වෙන සමන් කුමාර ලියනගේ මහතාගේ ඇය ටෙලි නාට්‍යයේ මම කරන රිතු කියන චරිතය. ඒක මට ලැබුණු ලොකුම අභියෝගයක්. මොකද ඒ චරිතය ඊට පෙර වෙන රංගන ශිල්පිනියක් කරපු චරිතයක්. ඇයට හදිසියේ විදෙස්ගත වීමට සිදු වීමත් සමග මේ චරිතයට බොහෝ දෙනා හොයලා තියෙනවා. අවසානයේ සමන් කුමාර මහතා මට ඒ චරිතය ලබා දෙනවා. මුලදී ගොඩක්ම ප්‍රේක්ෂක ප්‍රතිචාරය වුණේ කලින් හිටිය නිළිය තමා හරියන්නේ කියලා. නමුත් දැන් වෙද්දී මට හැමෝම කියනවා ඒ සිටිය කෙනා අබිබවා යන්න සහ ඇයගේ මතකයන් අමතක කරලා අලුත්ම චරිතයක් නිර්මාණය කළා කියන ප්‍රතිචාරය මට ලැබෙනවා.

චතුට මේ වෙද්දී ලස්සන ආදරයක් ලැබිලා තියෙනවා. ඒ ගැන කියමු…

එයා මට මුලින්ම හමුවෙන්නේ ආදරවන්තයන්ගේ දිනයේදී රණවිරු සෙවණේ පැවති වැඩසටහනකදී. එදාම ආදරෙන් නොබැඳුණත් අපි එදා යාළුවෝ විදියට දැන හඳුනාගෙන කාලයක් කතාබහ කරද්දී අපි දෙන්නටම අපි ගැන අවබෝධයක් ඇති වුණා. පසුව ගෙවල්වලට කියලා ඒ ආශිර්වාදයත් එක්ක තමා අපි දෙන්නා විවාහ ගිවිස ගැනීම කළේ. මගේ ජීවිතේ හොඳින්ම තේරුම් ගත්ත හොඳම කෙනා තමයි එයා. ඇත්තටම මගේ ජීවිතය සාර්ථක වෙන්න ලොකු හේතුවක් එයා මා එක්ක ඉන්න එක. මගේ දෙමාපියන් සහෝදර සහෝදරියන් මගේ ළඟ නැහැ. මම අවුරුදු 11ක් තනියම කොළඹ හිටියේ. දැන් මට එයා ඉන්න නිසා කිසි බයක් නැහැ.

නම සහ රැකියාවත් කියමු නේද?

නම දර්ශන ඩී. කොස්තා. එයා ව්‍යපාරිකයෙක්. එයා රංගනයට නම් එතරම් කැමති නැහැ. නමුත් කවදාවත් මේක කරන්න එපා නතර කරන්න කියන බලපෑම නම් නැහැ. මට රඟපෑවා ඇති කියලා හිතෙනවා නම් ඕනෙම වෙලාවක නතර කරලා ගෙදර ඉන්න කියලා තමා කියන්නේ. ස්වාමිපුරුෂයෙක් විදියට එයාගෙන් විය යුතු යුතුකම් වගකීම් නොපිරිහෙලා ඉටු කරන කෙනෙක්.

පසුගිය දවසක ලොකු හීනයක් සැබෑ වුණා නේද?

මගේ හීනයක් තිබ්බා මටම කියලා වාහනයක් ගන්න. ඒ එක්කම එයා මට හැමවෙලේම කිව්වා මේ සැරේ උපන් දිනයට මම ලොකු තෑග්ගක් දෙන්නම් කියලා. ගිය සැරේ උපන් දිනයටත් මා වෙනුවෙන් සර්ප්‍රයිස් පාටියක් සංවිධාන කරලා තිබුණා. මම ඉතින් හිතුවේ ඒ වගේ එකක් වෙන්න ඇති කියලා. කොහොම හරි මේ දවස්වල මම කාර්යබහුල නිසා එයත් ව්‍යාපාර කටයුතු එක්ක කාර්යබහුල වෙද්දී මාව එක්ක යන්න එන ඒවා මග හැරෙනවා. ඒ වෙලාවට මම ටැක්සි එකක එනවා. නැත්නම් එයා එනකම් බලන් ඉන්නවා. ඒ නිසා මට උපන් දින තෑග්ග කලින් ලැබුණා. මම හිතුවේවත් නැහැ මට උපන් දිනයට කාර් එකක් දෙන්න හිටියේ කියලා. මට හිතාගන්නත් බැරි විදියට පසුගිය දවසක ගෝල්ෆේස් එකට එක්කන් ගිහින් ලස්සනටම තෑග්ග දුන්නා.

අනුෂා රණසිංහ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
37
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.20
01:01:04
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට දුන්න සුද්දය
01:08
Video thumbnail
උසාවියට රැගෙන ආ සලේ STF ආරක්ෂාව මැද යළි රැගෙන යන හැටි
01:37
Video thumbnail
වාහන ගෙන්වීමේදී ලොකු අක්‍රමිකතාවක් වෙලා..ආණ්ඩුව බැලුවේ සීමා කරන්න
05:18
Video thumbnail
ජංගිවල හිල් කිව්ව ප්‍රබලයට කතක් රිදෙන්නම දෙයි.."ඔයා වෙනුවෙන් Design කරලා දෙන්නම් Underwear ටිකක්"
01:51
Video thumbnail
පාලකයන්ට ෆැරලයිස්ද ? හැඟීම් දැනීම් දැනෙන්නේ නැද්ද ? - බිහිසුණු ඉරණමක් අත්වූ කතක් මාධ්‍යය දෙවනත් කරයි
10:31
Video thumbnail
ඇල්ලු ආයුධ ගැන ජනපති හැමෝම ඉස්සරහා කියයි - මොකක්ද ඔබේ යුනිෆෝම් එකේ ඇති වගකීම ?
02:17
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක්..කට්ටිය හිනා වෙවී වැඩ
01:31
Video thumbnail
මාස 06 කාලය තුල ඇල්ලු මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ආගමික ස්ථාන දක්වා ව්‍යසනය පැතිරිලා
03:55
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31