උදම් රළ පෙළ ජීවිත බිලි අරං අදට වසර 20යි! (වීඩියෝ)

2004 වර්ෂයේ දෙසැම්බර් මස 26 වැනි දින ලෝක වාසී ජනතාව මෙන් ම ඉන්දියානු සාගරයේ පිහිටි බොහෝ රටවල ජනතාවට ද තදින් ම වේදනාව දැනුණු දිනයක් ලෙස ඉතිහාසයේ අඳුරුතම පරිච්ඡේදයක් වෙන් ව ඇත.

ඊට හේතුව වන්නේ නොසිතූ මොහොතක පළමු වරටත් දෙවැනි වරටත් මහා මුහුදු රළක් ගොඩබිම වසා ගනිමින්, එහි ජීවත් වූ ප්‍රාණීන් සියල්ල ම මුහුදට ඇදගෙන යාම නිසාවෙන්.

ඉතිහාස කතාවලට පමණක් ‘මුහුද ගොඩගලනවා’ යැයි අසා තිබූ නමුදු මෙරට ජනතාව මුහුදු රළ ගොඩට ගලනවා යනු සැබෑ ලෙසින් ම දුටුවේ 2004 වර්ෂයේ දෙසැම්බර් 26 වැනි දින පෙරවරු පෙරවරු 9.25 සහ පෙරවරු 9.27ටයි.

දකුණු පළාතේ මුහුදු බඩ කලාපයට දැඩි ලෙස හානි සිදු වූ අතර මුහුදුබඩ කලාපයට ආසන්න ව පිහිටි ශ්‍රී ලංකා සිතියම වටා ඇති මුහුදු කලාපයට ළඟ සෑම පළාතක් සේ ම කරදිය ජලයට ගසා ගෙන නොගියේ නම් එය මහත් පුදුමයකි.

ඇතැම්හු පොල් ගස්වල, බිත්ති බදා ගනිමින් මහ ජල රළෙන් බේරෙන්නට මහත් වෙරක් දරන ආකාරය ද දක්නට ලැබුණි.

තවත් තිරිසන් ගති පෑ එවුන් ජල පහරට ගසාගෙන යන මිනිස් දෑත් අල්ලා ගෙළ බැඳි රන් මාල උදුරා ගනිමින්; මහා ජල කඳට බේරාගත හැකි ව තිබූ ජීවිත අතහරින ආකාරය ද මාධ්‍යය වෙතින් වාර්තා කෙරිණි.

2004 දෙසැම්බර් මස 26 වැනි දින පෙරවරු 10 වන විට මුළු දිවයිනේ ම මුහුද කිසිවක් නොවු අයුරින් නිසොල්මන් ය.

එහෙත් ගොඩබිම ජීවත් වූ ඇතැම් මිනිසුන්ගේ සියල්ල ම අහිමි ව ගොස් ය.

මව්වරුන්ට පියවරුන්ට තම දරු පැටව් ද, දරු පැටවුන් හට සිය මව්පියවරුන් ද, ඥාති හිතමිත්‍රාදීන් මෙන් ම තමන් ජීවිත කාලයක් පුරා රැකගත්, හම්බ කරගත් සියලු දේපොළ ද මහ මුහුද ගසා ගෙන ගොස් ඇති බව දකින්නේ ඉන් පසුවය.

එම වේදනාව හොඳට මතක ඇති උන් අදටත් මුහුදු රළ හඬනවා ඇසෙන විට බය වන බව ප්‍රසිද්ධ රහසකි.

ඉතිං එවැනි බියකරු දිනයක් සිදු වී අදට හරියටම වසර 20කි.

වැඩිම හානියක් සිදු වූයේ දකුණු පළාතේ මුහුදුබඩ තීරයට ය.

කරදිය වතුර ගිලී මියැදුණු ඇතැම් මෘත ශරීර ගොඩබිමට ගසාගෙන ආ විටත්, කඩා වැටුණු නිවෙස් අස්සෙත් තිබී හමුවිණි.

කහව – තෙල්වත්ත හි පැරෑලිය ප්‍රදේශයේ දී පෙරවරු 9.27ට ධාවනය වෙමින් තිබූ පහතරට දුම්රිය ද මහ සුනාමි රළ පහරට පෙරලිණි.

එහි ගමන් ගත් මගීන් සියය ගණනක් එතැනම මියදුණු බව කාගෙත් හදවත් සසල කළ පුවත් විණි.

දින ගණනාවක් යන තෙක් දිවයින පුරා මුහුදු රළට බිලි වූ මියගිය සිරුරු රෝහල්වල මෘත ශරීරාගාර කොටසේ තැන්පත් කෙරෙමින් බලධාරීන්, ආරක්ෂක අංශ සේ ම සිවිල් වැසියන් සිය ඥාතීන්ගේ මුහුණු ඒ අතර ඇත්දැයි සොයන්නට විණි.

ඇබොට් (Abbott) 1996 දී දක්වන ආකාරයට ‘සුනාමි’ යනු ජපන් වචනයක් වන අතර එහි අදහස “විශාල වරාය රළ යන්නයි.”

ඈත මුහුදේ පවතින උසින් අඩු රළ වරායට පැමි‍ණෙන විට වරායේ පටු ස්වරූපය නිසා උසින් වැඩි වීම සිදු වනු ඇති.

එය ජපන් ජාතිකයෝ සුනාමි ලෙස හඳුන්වති.

කෙසේවෙතත් ජපන් වචනයක් වූ මෙම සුනාමි දිය කඳ පළමු රැල්ල සහ දෙවැනි රැල්ල ලෙස පැමිණි අතර; එහි පළමු රැල්ලේ උස මීටර් 9.1ක් වූ අතර දෙවැන්න 9.3ක් බවට සටහන් විය.

2004 වර්ෂයේ ආ සුනාමියෙන් ජීවිත 230000කට අධික සංඛ්‍යාවක් අහිමි වුණු අතර; ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් අසල වූ භූ තැටි කම්පනය මත සුනාමි රළ රටවල් කිහිපයකට තර්ජනයක් විය.

එම රටවල් අතර ශ්‍රී ලංකාව, ඉන්දියාව, තායිලන්තය, සෝමාලියාව සහ මාලදිවයින ප්‍රධාන විය.

මෙම උදම් රළ පහරට හසු ව ජීවිත අහිමි වූවන් වෙනුවෙන් අද (26) තෙල්වත්ත පැරෑලිය සුනාමි ස්මාරකය අසලදි මෙන් ම, දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂ සිහිගැන්වීම් උත්සව සංවිධානය කර ඇති අතර, දිවයින පුරා ම ආයතනවල පෙරවරු 9.25 -9.27 කාලයේ මියගිය පිරිස වෙනුවෙන් විනාඩියක නිහඬතාවක් ද පැවැත්වීම සාමාන්‍ය සිරිතක් ව ඇත.

ඉතිං මීට වසර 20කට ඉහතදී නොසිතූ සුනාමි ඛේදවාචකයට ගොදුරු වූ සියලු ප්‍රේමණීය මිනිසුනි; මින් කිසිදිනෙක නුඹ හට හෝ මේ ලෝකයට එවන් විපතක් නො වේවා ! යැයි දසත ප්‍රවෘත්ති අපේ ඒකායන පැතුමයි…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58