උතුරු , උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල ගුරු හිඟය ගැන අගමැතිනියගේ අවධානය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්වුණා.

මෙහිදී උතුර, උතුරු මැද සහ නැගෙනහිර යන පළාත්වල පවතින ගුරු හිඟය සඳහා ලබාදිය හැකි විසඳුම් පිළිබඳව අග්‍රාමාත්‍යවරියගේ අවධානය යොමු වූ අතර, ඒ පිළිබඳව අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය පවසා සිටියේ, මෙම වසර අවසන් වන විට සිදුකෙරෙන ගුරු බඳවාගැනීම් ඔස්සේ එම පළාත්වල පවතින ගුරු හිඟය පියවීම සඳහා වැඩි අවධානයක් යොමු කරන බවයි.

එසේම ඉදිරියේදී එම පළාත් තුළ ගුරු හිඟයක් ඇති නොවන බවට සහතික වීම සඳහා තිරසාර සැලැස්මකට අනුව කටයුතු සිදුකළ යුතු බවද ඇය පෙන්වා දුන්නා.

තවද, එම පළාත් තුළ සිදුවෙමින් පවතින පාසල් ගොඩනැගිලි හා යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් සිදුකර අවසන් කිරීම සඳහා අවශ්‍ය උපදෙස්ද මෙහිදී අග්‍රාමාත්‍යවරිය විසින් ලබා දුන්නා.

එසේම මෙම උපදේශක සභාවේ මෙහෙයවීම යටතේ පත් කර ඇති මානව සම්පත් කළමනාකරණය සහ උසස් අධ්‍යාපන අංශය වැනි ක්ෂේත්‍රවලට අදාළ අනුකාරක සභාවල වත්මන් ප්‍රගතිය කෙරෙහිද මෙහිදී අග්‍රාමාත්‍යවරිය අවධානය යොමුකළා.

තව ද ශ්‍රී ලංකා තුළ අධ්‍යාපන සභාවක් පිහිටුවීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ කමිටු සාමාජිකයින්ගේ කාර්යභාරය ඇගයීමට ලක් කරමින් සහතික පත් ප්‍රදානය සිදු කිරීම මෙහිදී සිදු වුණා.

මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් ද සහභාගී වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49
Video thumbnail
කුරුවිට බන්ධනාගාරයට ආ ආරක්ෂක අංශ පිටව ගිය හැටි
02:18
Video thumbnail
STF ඇතුළු ආරක්ෂක අංශ පල්ලන්සේන බන්ධනාගාරය තුළට
00:54
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද මහේස්ත්‍රාත්වරයා කුරුවිට බන්ධනාගාරයට පැමිණෙන අයුරු
02:20
Video thumbnail
බන්ධනාගාරවල ඇතිවූ නොසන්සුන්තාව ගැන අධිකරණ ඇමති කට අරියි - කිසිම චාන්ස් එකක් නෑ කුමන්ත්‍රණ කරන්න
02:34